මිනිසුන් අතර ඇති උස්‌ පහත්කම්වලට හේතු කවරේද?

චුල්ල කම්ම විභංග සූත්‍රය ඇසුරින් විග්‍රහයක්‌

භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ඡේතවනාරාමයෙහි වැඩවසන සමයක සුබ නම් මානවක තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. භාග්‍යවතුන් වහන්සේ සමගින් පිළිසඳර කතාවක යෙදුණු සුභ විසින් අනතුරු ව මෙම ප්‍රශ්නය විමසන ලදී.

'පින්වත් ගෞතමයන් වහන්ස, මනුෂ්‍ය ආත්මභාවයක්‌ ලැබූ මිනිසුන් අතර විවිධ උස්‌පහත්කම් දක්‌නට ලැබේ. එයට හේතුව කුමක්‌ද? පින්වත් ගෞතමයන් වහන්ස, ඇතැම් මනුෂ්‍යයෝ අල්ප වූ ආයුෂ ඇත්තෝය. ඇතැම් මනුෂ්‍යයෝ දීර්ඝායුෂ ඇත්තෝය. එසේ ම බොහෝ ආබාධ ඇත්තා වූද අල්ප ආබාධ ඇත්තා වූ ද, දුර්වර්ණ වූ ද, වර්ණවත් වූ ද, යසස්‌ අඩු වූ (අල්පේශාක්‍ය) ද බොහෝ යසස්‌ ඇත්තා වූ (මහේශාක්‍ය) ද අල්ප-භෝග ඇත්තා වූ ද මහාභෝග ඇත්තා වූ ද කුලයෙන් හීන වූ ද කුලයෙන් උසස්‌ වූ ද නුවණ නැත්තා වූ ද නුවණින් යුතු වූ ද මනුෂ්‍යයෝ මිනිසුන් අතර දක්‌නට ලැබෙත්. පින්වත් ගෞතමයන් වහන්ස, මේ වෙනස්‌කම්වලට හේතුව කුමක්‌ද?

එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

'පින්වත් මානවකය, සත්ත්වයෝ වනාහි තමන්ගේ කර්මය තමන් සතුකොට (කම්මස්‌සකා) ඇත්තාහ. එසේම කර්මය දායාද කොට (කම්ම දායාද) ඇත්තාහáÊකර්මය උපතට හේතුව කොට (කම්මයෝනි) ඇත්තාහá කර්මය නෑයකොට (කම්මබන්ධු) ඇත්තාහá කර්මය පිළිසරණකොට (කම්මපටිසරණා) ඇත්තාහ. සත්ත්වයන් උසස්‌-පහත් බවට පමුණුවනු ලබන්නේ කර්මය විසිනි.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ සැකෙවින් වදාළ කරුණ වටහා ගැනීමට අපොහොසත් වූ සුභ තෙමේ එය විස්‌තර කර දෙන ලෙස භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ එම අර්ථය මෙසේ විස්‌තර වශයෙන් වදාළ සේක.

පින්වත් මානවකය, මෙලොව යම් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ හෝ සතුන් කෙරෙහි අකාරුණික ව සතුන් මැරීමෙහි යෙදෙයි. මෙසේ රැස්‌ කර ගත් ඒ (අකුසල) කර්මය හේතු කොට ගෙන එම පුද්ගලයා සැපයෙන් පහ වූ දුක්‌ ඇති නිරයෙහි උපත ලබයි. ඉදින් නිරයෙහි උපත නො ලබා මිනිස්‌ ලොව උපදී නම්, ඒ ඒ තැනදී ඔහු අල්පායුෂ්ක (අඩු ආයුෂ ඇති) වෙයි. මානවකය සියලු සතුන් කෙරෙහි අකාරුණික ව සතුන් මැරීම අල්පායුෂ්ක බව පිණිස හේතු වෙයි.

පින්වත් මානවකය, මෙලොම යම් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ හෝ සියලු සතුන් කෙරෙහි හිතානුකම්පී ව අකුසල් කිරීමෙහි ලඡ්ජිත වෙමින් හිංසාකාරී ආයුධ පසෙක තබා සතුන් මැරීමෙන් වැළකී වෙසෙයි. මෙසේ රැස්‌ කර ගත් ඒ (කුසල) කර්මය හේතු කොටගෙන එම පුද්ගලයා මරණින් මතු සුගතියෙහි ස්‌වර්ගයෙහි (දෙව්ලොව) උපත ලබයි. ඉදින් දෙව්ලොව උපත නොලබා මිනිස්‌ ලොව උපදී නම්, උපදින ඒ ඒ තැන දී ඔහු දීර්ඝායුෂ්ක වෙයි. මානවකය, සියලු සතුන් කෙරෙහි හිතානුකම්පී ව සතුන් මැරීමෙන් වැළකීම දීර්ඝායුෂ්ක බව පිණිස හේතු වෙයි.

පින්වත් මානවකය, මෙලොව යම් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ හෝ අතින් - පයින්, ගල්-මුගුරු-ආයුධ ආදියෙන් සතුන්ට වෙහෙස ඇති කිරීමෙහි (හිංසා කිරීමෙහි) යෙදෙයි. මෙසේ රැස්‌ කර ගත් ඒ (අකුසල) කර්මය හේතු කොටගෙන එම පුද්ගලයා මරණින් මතු සැපයෙන් පහවූ දුක්‌ ඇති නිරයෙහි උපත ලබයි. නිරයෙහි උපත නො ලබා මිනිස්‌ ලොව උපදී නම්, ඒ ඒ තැන දී ඔහු ආබාධ බහුල වූයෙක්‌ වෙයි. මානවකය, අතින්-පයින්, ගල්, මුගුරු, ආයුධ ආදියෙන් සතුන්ට වෙහෙස ඇති කිරීම (හිංසා කිරීම) බොහෝ ආබාධ සහිත වීමට හේතු වෙයි.

පින්වත් මානවකය, මෙලොව යම් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ හෝ අතින්, පයින්, ගල්, මුගුරු, ආයුධ ආදියෙන් සතුන්ට වෙහෙස (හිංසා) නොකරයි. මෙසේ රැස්‌ කරගත් ඒ (කුසල) කර්මය හේතු කොටගෙන එම පුද්ගලයා මරණින් මතු සුගතියෙහි, ස්‌වර්ගයෙහි (දෙව්ලොව) උපත ලබයි. ඉදින් දෙව්ලොව උපත නො ලබා මිනිස්‌ ලොව උපදී නම්, උපදින ඒ ඒ තැන දී ඔහු අල්පාබාධ ඇත්තෙක්‌ වෙයි. මානවකය, අතින්, පයින්, ගල් මුගුරු ආයුධ ආදියෙන් සතුන්ට වෙහෙස (හිංසා) නොකිරීම අල්පාබාධ සහිත වීමට හේතු වෙයි.

පින්වත් මානවකය, මෙලොව යම් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ හෝ ක්‍රෝධ කරනසුලු වූයේ සුළු කරුණකින් පවා ගැටෙමින්, කිපෙමින් කෝපයත්, ද්වේෂයත් නො සතුටත් පළ කරයි. මෙසේ රැස්‌ කරගත් ඒ (අකුසල) කර්ම හේතු කොටගෙන එම පුද්ගලයා මරණින් මතු සැපයෙන් පහ වූ දුක්‌ ඇති නිරයෙහි උපත ලබයි. නිරයෙහි උපත නො ලබා මිනිස්‌ ලොව උපදී නම්, ඒ ඒ තැනදී ඔහු දුර්වර්ණ වෙයි. මානවකය, ක්‍රෝධ කරවනසුලු ව සුළු කරුණකින් පවා ගැටෙමින්, කිපෙමින් කෝපයත්, ද්වේෂයත් නොසතුටත් පළ කිරීම දුර්වර්ණ වීමට හේතු වෙයි.

පින්වත් මානවකය, මෙලොව යම් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ හෝ ක්‍රෝධ නොකරන සුqලු වූයේ මහත් කරුණකින් පවා නො ගැටෙමින් නො කිපෙමින් කෝපයත්, ද්වේෂයත් නො සතුටත් පළ නො කරයි. මෙසේ රැස්‌ කර ගත් ඒ (කුසල) කර්මය හේතු කොටගෙන එම පුද්ගලයා මරණින් මතු සුගතියෙහි, ස්‌වර්ගයෙහි (දෙව්ලොව) උපත ලබයි. ඉදින් දෙව් ලොව උපත නො ලබා මිනිස්‌ ලොව උපදී නම්, උපදින ඒ ඒ තැන දී ඔහු ප්‍රසාදනීය ස්‌වරූපයෙන් යුතු වෙයි. මානවකය, ක්‍රෝධ නො කරන සුලු ව මහත් කරුණකින් පවා නො ගැටෙමින් නො කිපෙමින් කෝපයත්, ද්වේෂයත් නො සතුටත් පළ නො කිරීම ප්‍රසාදනීය බට පිණිස හේතු වෙයි.

පින්වත් මානවකය, මෙලොව යම් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ හෝ ඊර්ෂ්‍යා කරන සුලු වෙයි. අන් අයගේ ලාභ, සත්කාර, ගරුබුහුමන් පිළිබඳ ඊර්ෂ්‍යා කරයිá ද්වේෂ කරයි. මෙසේ රැස්‌ කරගත් ඒ (අකුසල) කර්මය හේතු කොටගෙන එම පුද්ගලයා මරණින් මතු සැපයෙන් පහ වූ දුක්‌ ඇති නිරයෙහි උපත ලබයි. නිරයෙහි උපත නො ලබා මිනිස්‌ලොව උපදී නම් ඒ ඒ තැන දී ඔහු අල්පේශාක්‍ය-යසස්‌ අඩු වූවෙක්‌ වෙයි. මානවකය, අන් අයගේ ලාභ, සත්කාර,ගරුබුහුමන් පිළිබඳව ඊර්ෂ්‍යා කිරීම අල්පේශාක්‍ය වීමට හේතු වෙයි.

පින්වත් මානවකය, මෙලොව යම් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ හෝ ඊර්ෂ්‍යා නොකරනු සුලු වෙයි. අන් අයගේ ලාභ,සත්කාර, ගරුබුහුමන් පිළිබඳ ඊර්ෂ්‍යා නො කරයිá ද්වේෂ නොකරයි. මෙසේ රැස්‌ කරගත් ඒ (කුසල්) කර්මය හේතු කොටගෙන එම පුද්ගලයා මරණින් මතු සුගතියෙහි ස්‌වර්ගයෙහි (දෙව්ලොව) උපත ලබයි. ඉදින් දෙව්ලොව උපත නො ලබා මිනිස්‌ ලොව උපදී නම්, උපදින ඒ ඒ තැන දී ඔහු මහේශාක්‍ය බොහෝ යසස්‌ ඇතියෙක්‌ වෙයි. මානවකය, අන් අයගේ ලාභ-සත්කාර, ගරුබුහුමන් පිsළිබඳ ව ඊර්ෂ්‍යා නො කිරීම මහේශාක්‍ය වීමට හේතු වෙයි.

පින්වත් මානවකය, මෙලොව යම් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ හෝ පැවිදි උතුමන්ට ආහාර පාන, වස්‌ත්‍ර, යාන, මල්, සුවඳ ද්‍රව්‍ය, සෙනසුන්, පහන් ආදිය (මසුරුකම නිසා) නො දෙන සුලු වෙයි. මෙසේ රැස්‌ කර ගත් ඒ (අකුසල) කර්මය හේතු කොටගෙන එම පුද්ගලයා මරණින් මතු සැපයෙන් පහවූ දුක්‌ ඇති නිරයෙහි උපත ලබයි. ඉදින් නිරයෙහි උපත නො ලබා මිනිස්‌ ලොව උපදී නම්, ඒ ඒ තැන දී ඔහු අල්පභෝග ඇත්තෙක්‌ (ධන සම්පත් අඩු වූවෙක්‌) වෙයි. මානවකය, පැවිදි උතුමන්ට ආහාරපානාදිය නො දීම හෙවත් මසුරුකම අල්පභෝග බව පිණිස හේතු වෙයි.

පින්වත් මානවකය, මෙලොව යම් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ හෝ පැවිදි උතුමන්ට ආහාර පාන, වස්‌ත්‍ර, යාන, මල්සුවඳ ද්‍රව්‍ය, සෙනසුන්, පහන් ආදිය දෙන්නේ වෙයි. මෙසේ රැස්‌ කර ගත් ඒ (කුසල) කර්මය හේතු කොටගෙන එම පුද්ගලයා මරණින් මතු සුගතියෙහි, ස්‌වර්ගයෙහි (දෙව්ලොව) උපත ලබයි. ඉදින් දෙව්ලොව උපත නො ලබා මිනිස්‌ ලොව උපදී නම්, උපදින ඒ ඒ තැන දී ඔහු මහාභෝග ඇත්තෙක්‌ (ධන-ධාන්‍යාදී බොහෝ සම්පත් ඇත්තෙක්‌) වෙයි. මානවකය, පැවිදි උතුමන්ට ආහාර පානාදිය දීම මහාභෝග බව පිණිස හේතු වෙයි.

පින්වත් මානවකය, මෙලොව යම් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ හෝ අතිමානයෙන් (අධික වූ මානයෙන්) තද බවට පත්ව, වැඳීමෙන්, නැඟී සිටීමෙන්, අසුන් දීමෙන්, මාර්ගයෙහි ඉඩ දීමෙන්, ගරුබුහුමන් කිරීමෙන් , පූජා කිරීමෙන්, සත්කාර කළ යුතු බුදු-පසේ බුදු, ආර්ය ශ්‍රාවකයන් බඳු වැඩිහිටියන්ට, ගුණවතුන්ට සත්කාර නො කරයි. මෙසේ රැස්‌ කර ගත් ඒ (අකුසල) කර්මය හේතු කෙටගෙන එම පුද්ගලයා මරණින් මතු සැපයෙන් පහ වූ දුක්‌ ඇති නිරයෙහි උපත ලබයි. ඉදින් නිරයෙහි උපත නො ලබා මිනිස්‌ ලොව උපදී නම්, ඒ ඒ තැනදී ඔහු පහත් කුලයෙහි උපදී. මානවකය, අතිමානයෙන් තද බවට පත්ව, ගරු කළ යුත්තන් හට ගරු-සම්මාන නො කිරීම පහත් කුලයෙහි ඉපදීමට හේතු වෙයි.

පින්වත් මානවකය, මෙලොව යම් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ හෝ අධික මානයෙන් තද බවක්‌ නැතිව, වැඳීමෙන්, නැඟී සිටීමෙන්, අසුන් දීමෙන්, මාර්ගයෙහි ඉඩ දීමෙන්, ගරුබුහුමන් කිරීමෙන් , පූජා කිරීමෙන්, සත්කාර කළ යුතු බුදු-පසේ බුදු, ආර්ය ශ්‍රාවකයන් බඳු වැඩිහිටියන්ට, ගුණවතුන්ට සත්කාර කරයි. මෙසේ රැස්‌ කර ගත් ඒ (කුසල) කර්මය හේතු කොටගෙන එම පුද්ගලයා මරණින් මතු සුගතියෙහි, ස්‌වර්ගයෙහි (දෙව්ලොව) උපත ලබයි. ඉදින් දෙව්ලොව උපත නො ලබා මිනිස්‌ ලොව උපදී නම්, ඒ ඒ තැනදී ඔහු උසස්‌ කුලයෙහි උපදී. මානවකය, අධික මානයක්‌ නැතිව තද බවක්‌ නැතිව ගරු කළ යුත්තන්හට ගරු-සම්මාන කිරීම උසස්‌ කුලයෙහි ඉපදීමට හේතු වෙයි.

පින්වත් මානවකය, මෙලොව යම් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ හෝ පැවිදි උතුමන් වෙත ගොස්‌ 'ස්‌වාමීනි, කුසලය-අකුසලය කුමක්‌ද? වරද-නිවරද කුමක්‌ද? පුරුදු කළ යුතු දේ - පුරුදු නොකළ යුතු දේ කුමක්‌ද? මා විසින් කුමක්‌ කරනු ලබන්නේ එය මා හට බොහෝ කලක්‌ අහිත පිණිස හෝ හිත සුව පිණිස හේතු වේ ද?' යනුවෙන් නො විමසයි. මෙසේ රැස්‌කරගත් ඒ (අකුසල) කර්මය හේතුකොට ගෙන එම පුද්ගලයා මරණින් මතු සැපයෙන් පහ වූ දුක්‌ ඇති නිරයෙහි උපත ලබයි. ඉදින් නිරයෙහි උපත නො ලබා මිනිස්‌ ලොව උපදී නම්, උපදින ඒ ඒ තැන දී ඔහු දුශ්ප්‍රාඥ නුවණ අඩු බව පිණිස හේතු වෙයි.

පින්වත් මානවකය, මෙලොව යම් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ හෝ පැවිදි උතුමන් වෙත ගොස්‌ "ස්‌වාමීනි, කුසලය-අකුසලය කුමක්‌ද? වරද-නිවරද කුමක්‌ද? පුරුදු කළ යුතු දේ - පුරුදු නොකළ යුතු දේ කුමක්‌ද? මා විසින් කුමක්‌ කරනු ලබන්නේ එය මා හට බොහෝ කලක්‌ අහිත පිණිස හෝ හිත සුව පිණිස හේතු වේ ද?' යනුවෙන් ප්‍රශ්න කර විමසයි. මෙසේ රැස්‌කරගත් ඒ (කුසල) කර්මය හේතු කොටගෙන එම පුද්ගලයා මරණින් මතු සුගතියෙහ් ස්‌වර්ගයෙහි (දෙව්ලොව) උපත ලබයි. ඉදින් දෙව්ලොව උපත නො ලබා මිනිස්‌ ලොව උපදී නම්, උපදින ඒ ඒ තැන දී ඔහු මහාප්‍රාඥ (බොහෝ නුවණැති) වෙයි. මානවකය, පැවිදි උතුමන් වෙත ගොස්‌ ධර්මය-අධර්මය විමසීම මහාප්‍රාඥ බව පිණිස හේතු වෙයි.

පින්වත් මානවකය, මෙලෙසින් සත්ත්වයෝ තමන්ගේ කර්මය තමන් සතු කොට (කම්මස්‌සකා) ඇත්තාහ. එසේම කර්මය දායාද කොට (කම්මදායාද) ඇත්තාහá කර්මය උපතට හේතු කොට (කම්මයෝනි) ඇත්තාහá කර්මය නෑයා කොට (කම්මබන්දු) ඇත්තාහá කර්මය පිළිසරණකොට (කම්මපටිසරණා) ඇත්තාහ. සත්ත්වයන් උසස්‌ - පහත් බවට පමුණුවනු ලබන්නේ කර්මය විසිනි.

භාග්‍යවතුන් වහන්සේ විසින් මෙතෙකින් දේශනාව සමාප්ත කරන ලදී. මෙම දේශනාව අසා සතුටු වූ තෝදෙයH පුත්‍ර සුබ මානවකයා තෙමේ තෙරුවන් සරණ ගියේය.

(මඡ්ක්‌ධිම නිකායේ උපරිපණ්‌නාසකයෙහි චුල්ල කම්ම විභංග (සුභ සූත්‍රය) ඇසුරිනි)

Penulis : niwana ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel මිනිසුන් අතර ඇති උස්‌ පහත්කම්වලට හේතු කවරේද? ini dipublish oleh niwana pada hari Sunday, March 16, 2014. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan මිනිසුන් අතර ඇති උස්‌ පහත්කම්වලට හේතු කවරේද?
 

0 comments:

Post a Comment