නිවන සාක්‌ෂාත් කළ යුත්තේ ඇයි?

නිවන සාක්‌ෂාත් කළ යුත්තේ ලෝකය අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම වන බැවිනි. ලෝකය අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ත වන බැවින් නිවන සාක්‌ෂDත් කිරීම හැර අන්කළ යුත්තක්‌ද නැත.

අවිද්‍යා අන්ධකාරයෙහි ගිලුණු පංචුHdදානස්‌කන්ධ සංඛ්‍යාත සත්වයා සංස්‌කාර ස්‌කන්ධය ප්‍රත්‍යවීම මත සසරෙහි ඇවිදී. එහිදී යම් භවයෙක ප්‍රතිසන්ධි ගැනීම් වශයෙන් ඉපැදෙන්නාවූ සත්වයා ඉපැදීම කරනකොටම මහත්වූ දුක්‌ඛස්‌කන්ධයකට මුහුණ දෙයි. ඒ මෙසේය.

යම් භවයකදී ආයුෂ පුණ්‍ය යන ඒවායේ ක්‌ෂයවීම මත හෝ උපඡේචදක කර්මයකින් හෝ ජීවිතේන්ද්‍රිය සිඳී ගිය කල මරණය සිදුවේ. ඒ මරණය හෙවත් භවංග 'චිත්තවීථියෙහි අවසානය වන චුති චිත්තයට පෙරාතුව කම්ම, කම්ම නිමිති, ගති නිමිති යන ආරම්මණයන්ගෙන් එකක්‌ පහල වේ. එනම් කුසලාකුසල කර්මය හෝ කර්මය නිවීමට යොදාගත් ද්‍රව්‍ය හෝ ඊළඟ ප්‍රතිසන්ධියේදී විපාක වශයෙන් ලැබෙන්නාවූ පංචස්‌කන්ධයෙහි ආරම්මණයක්‌ හෝ ආයතන සයෙන් එකකට අරමුණු වේ. එය කර්මානුකූව සිදුවේ. ඒ අරමුණ ඔස්‌සේ දුබල ජවන් පසක්‌ අවසන චුති චිත්තය පහල වේ. ඒ චුති චිත්තය නිරුද්ධවීම සම්මුති මරණයයි.

මෙලෙසට චුති චිත්තය නිරුද්ධවීමෙන් අනතුරුවම ප්‍රතිසන්ධි සිත පහල වේ. එය කර්මානුකූලවම සුදුසු තැනෙක ප්‍රතිසන්ධි ගනී. එය ලෝක 31 තුළය. අන්තරා භව නැත. අන්තරාභවය පුහු සංකල්පයකි. චුතියට අනතුරුවම ප්‍රතිසන්ධිය වේ මය. ඒ ප්‍රතිසන්ධි ගැනීම නිසා ඒ භවයේදී ආයතන පහල වීම සිදුවේ. උදාහරණ ලෙස මිනිස්‌ ලොව උපත ගනිමු.

මව සෘතුමත් වීම, මව්පියන් එක්‌වීම, ගන්ධබ්බයකුගේ පැමිණීම යන කරුණු තුන මත මනුෂ්‍ය ප්‍රතිසන්ධිය සිදුවේ. ගන්ධබ්බයා යනු ජීවිතේන්ද්‍රිය ආයුෂය හා විඤ්ඤාණයේ පහල වීමයි. එලෙසට ගන්ධම්බාගමනය සිදුවූ කල්හිම කළලය වර්ධනය වීම සිදුවේ.

පඨමං කලලං හොති - කලලා හොති අබුද්දං

අබ්බුදා ජායතෙ පෙසි - පෙසි නිබබත්තෙ ඝනො

ඝනා පාසඛා ජායනති - කෙසා ලොමා නඛා පිච

(ස.නි. - යක්‌ච සංයුත්තය - ඉන්දික සූත්‍රය)

'පළමුව කළලය වෙයි. කලලයෙන් අබුද්දය වෙයි. අබ්බුදයෙන් පේෂිය හටගනී. පේෂියෙන් ඝනය හටගනී. ඝනයෙන් ශාඛා පසක්‌ හටගනී. අනතුරුව කෙස්‌, ලොම්, නිය ද හටගනී'.

මෙය රූපකායෙහි වර්ධන පිළිවෙළයි. මේ රූපකාය දස මසක්‌ පුරාවට ගර්භය තුළ වර්ධනය වීම සිදුවන අතර විඤ්Æණය කාය ප්‍රාසාදය ඔස්‌සේ අරමුණු ගැනීම සිදුකරයි. ගර්භය ගත් කල අඳුරු වූ උෂ්ණ වූ දුගඳ හමන්නා වූ අසූචි වළක්‌ හා සමාන වූවකි. ඒ තුළ සිටියදී කාය ප්‍රාසාදයට අරමුණු වනුයේ දුක්‌ඛසහගත පොට්‌ඨබ්බයන්මය. එහිලා සුඛසහගත ස්‌පර්ශ කෙසේ නම් ලැබෙනුයේද? එබැවින් ප්‍රතිසන්ධියේ පටන් මවුකුසින් බිහිවීම දක්‌වා ඇත්තේ නිරා දුකක්‌ හා සමාන දුකකි. ඇරැඹුණු තැනම දුකමය.

මවු කුසින් බිහිවූ පසුව හොවන ලද තැනම මල මුත්‍රා පහර කර ගනිමින් තිරිසන් අපා දුකක්‌ හා සමාන දුකක්‌ විඳී. එයට හේතුව ඉපැදීමයි. තවද වර්ධනය වීම නම් වූ ජරාවට මුහුණපෑමට සිදුවේ. වැටි වැටී ඇවිදිමින් තනිවම තම කටයුතු කර ගැනීමට හැකිවන තෙක්‌ අසරණ, දුක්‌ත ජීවිතයක්‌ ගත කළ යුතුය. එයටද මුල ඉපැදීමයි. අතරතුර ලෙඩවීමටද ලක්‌ වේ. එනිසාද බොහෝ දුක්‌ විඳීමට සිදුවේ.

මේ ලෙස දිවි ගත කරන ඔහුට අවිද්‍යා අන්ධකාරයෙන් නුවණැස අන්ධවීම නිසා නොපෙනෙන යථාර්ථයක්‌ ඇත. එනම් අනිත්‍යතාවය, දුක්‌ඛතාවය, අනාත්මතාවය යන ත්‍රිලක්‌ෂණයයි. උපන්නා වූ පුද්ගලයා විසින් තමා යෑයි හඳුන්වාදෙන හඳුනාගත් නාම, රූප දෙකොටසම ත්‍රිලක්‌ෂණයට යට වේද ඔහු මමය, මාගේය කියාගන්නා ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතන සියල්ලම අනිත්‍ය දුක්‌ඛ, අනාත්ත වේ.

ඇසගත් ගත් කල යම්කිසි දිනෙක මිය යන බැවින් අනිත්‍යය. තවද ජීවත්ව සිටියදී ඇස්‌ අන්ධවන බැවින්ද අනිත්‍යය. ඇසෙහි රෝග හටගන්නා බැවින්ද අනිත්‍යය. ඇස රෝගී වන්නේ පෙර තිබූ නිරෝගී තත්ත්වයෙන් වෙනස්‌වූ බැවිනි. තවද ඇස සැකසී ඇති රූප කලාප චිතතක්‌ෂණ දහහතෙන් දහහතට ඇතිවී පැවැතී නැතැවී යන බැවින්ද අනිත්‍යය. පීඩා ගෙන දෙන්නක්‌ බැවින් දුක්‌ඛය. උදෑසන අවදිව කඳුළු සෝදා පිරිසිදු කළ යුතු බැවින් දුක්‌ඛය. පිළිකුල් සහගත බැවින් දුක්‌ඛය. අන්ධභාවය, සුද මතුවීම ආදී රෝගයන්ගෙන් පීඩාගෙන දෙන බැවින් දුක්‌ඛය. ඇස සරණකොට අකුසල් පහලවන බැවින්ද දුක්‌ඛය. කෙටියෙන් කියතොත් ඇසෙහි පැවැතීම යනු දුකෙහි පැවැතීමයි. එනම් ඇස යනු දුකයි. දුක යනු ඇසයි.

ඒ ඇස වසඟයෙහි පවත්වාගෙන නොහැකි බැවින්ද හරයක්‌ නොමැති බැවින්ද, අනාත්මය. ඇසින් ශබ්ද ඇසිය නොහැක. එනම් ඇස තමා වසඟයෙහි පවතින්නක්‌ නොවේය. තමාට පාලනය කළ හැක්‌කක්‌ නොවේය. ඇස යනු දොරටුවක්‌ පමණක්‌ බැවිනි. එය දොරටුවක්‌ පමණක්‌ විනා හරයක්‌ සහිත වූවක්‌ නොන බැවින් අනාත්මය.

එසේම කන, නාසය, දිව, කය, මනස යන ආයතනද වෙනස්‌ වන බැවින් අනිත්‍යය. මියෙන බැවින්ද අනිත්‍යය. පීඩාකාරී බැවින් දුක්‌ඛය. වසඟ කළ නොහැකි බැවින් හරයක්‌ නොමැති බැවින් අනාත්තය. මේ ආයතනවලට අධිපතිකම් කරන සත්වයකු පුද්ගලයකු නොමැත. ආයතන තුළ ආරම්මනයක්‌ ගැටුණු විට ඒවා විජානනය කරන විඤ්ඤානය පහලවී අරමුණු අනුව සංස්‌කාර රැස්‌කිරීමක්‌ විනා සත්වයකු හෝ පුද්ගලයකු රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්‌ඨබ්බ ධම්ම අරමුණු නොකරයි. රූප දැකීමක්‌ ඇත දකින්නකු නැත. ඇසීමක්‌ ඇත. අසන්නකු නැත. විඳීමක්‌ ඇත. විදින්නකු නැත. කිරීමක්‌ ඇත. කරන්නකු නැත. සිතීමක්‌ ඇත. සිතන්නකු නැත.

එසේ බැවින් උපන්දා සිට මෙතෙක්‌ විඳින ලද සැප, දුක්‌ ඔබ වින්දා නොවේමය. ඔබට දැනුනා නොවේමය. හුදු වේදනා චෛතසික ඇතිවී පැවැතී නැතිවීමක්‌ පමණමය. ඒ ලෙස අනිත්‍ය, දුක්‌ඛ, අනිත්‍ය වූ වේදනා චෛතසිකයක උත්පාද ඨිති භංග අවස්‌ථාවන්, එය මගේය, මම විඳීමි යෑයි සක්‌කාය වශයෙන් උපාදාන කරගත් ඔබ කෙතරම් මෝඝ පුරුෂයෙක්‌ද? කෙතරම් හිස්‌ මිනිසෙක්‌ද? තමා සතු නොවූවක්‌ තමාගේ යෑයි ගැනීමට තරම් ඔබ අඥන වූයේ ඇයි? ධර්මය බබලන්නා වූ බුද්ධොත්පාද කාලයකම එලෙස සිදුවීම මහත් අභාග්‍යයකි. ගර්හා කළ යුතු හිස්‌ ක්‍රියාවකි. එසේ නොවේද?

ඉදින් ලෝකය අනිත්‍ය දුක්‌ඛ අනිත්‍ය වූ කල නිවන් සාක්‌ෂාත් කිරීම හැර අන් කළ යුත්තක්‌ නොවේද?

Penulis : niwana ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel නිවන සාක්‌ෂාත් කළ යුත්තේ ඇයි? ini dipublish oleh niwana pada hari Sunday, March 16, 2014. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan නිවන සාක්‌ෂාත් කළ යුත්තේ ඇයි?
 

0 comments:

Post a Comment