පිටදූවෙ සිරිධමිම හිමියන් මෙහෙයවන විමුක්තියට මාවත වැඩසටහන

 

මිනිසුන් අතර ඇති උස්‌ පහත්කම්වලට හේතු කවරේද?

චුල්ල කම්ම විභංග සූත්‍රය ඇසුරින් විග්‍රහයක්‌

භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ඡේතවනාරාමයෙහි වැඩවසන සමයක සුබ නම් මානවක තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. භාග්‍යවතුන් වහන්සේ සමගින් පිළිසඳර කතාවක යෙදුණු සුභ විසින් අනතුරු ව මෙම ප්‍රශ්නය විමසන ලදී.

'පින්වත් ගෞතමයන් වහන්ස, මනුෂ්‍ය ආත්මභාවයක්‌ ලැබූ මිනිසුන් අතර විවිධ උස්‌පහත්කම් දක්‌නට ලැබේ. එයට හේතුව කුමක්‌ද? පින්වත් ගෞතමයන් වහන්ස, ඇතැම් මනුෂ්‍යයෝ අල්ප වූ ආයුෂ ඇත්තෝය. ඇතැම් මනුෂ්‍යයෝ දීර්ඝායුෂ ඇත්තෝය. එසේ ම බොහෝ ආබාධ ඇත්තා වූද අල්ප ආබාධ ඇත්තා වූ ද, දුර්වර්ණ වූ ද, වර්ණවත් වූ ද, යසස්‌ අඩු වූ (අල්පේශාක්‍ය) ද බොහෝ යසස්‌ ඇත්තා වූ (මහේශාක්‍ය) ද අල්ප-භෝග ඇත්තා වූ ද මහාභෝග ඇත්තා වූ ද කුලයෙන් හීන වූ ද කුලයෙන් උසස්‌ වූ ද නුවණ නැත්තා වූ ද නුවණින් යුතු වූ ද මනුෂ්‍යයෝ මිනිසුන් අතර දක්‌නට ලැබෙත්. පින්වත් ගෞතමයන් වහන්ස, මේ වෙනස්‌කම්වලට හේතුව කුමක්‌ද?

එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

'පින්වත් මානවකය, සත්ත්වයෝ වනාහි තමන්ගේ කර්මය තමන් සතුකොට (කම්මස්‌සකා) ඇත්තාහ. එසේම කර්මය දායාද කොට (කම්ම දායාද) ඇත්තාහáÊකර්මය උපතට හේතුව කොට (කම්මයෝනි) ඇත්තාහá කර්මය නෑයකොට (කම්මබන්ධු) ඇත්තාහá කර්මය පිළිසරණකොට (කම්මපටිසරණා) ඇත්තාහ. සත්ත්වයන් උසස්‌-පහත් බවට පමුණුවනු ලබන්නේ කර්මය විසිනි.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ සැකෙවින් වදාළ කරුණ වටහා ගැනීමට අපොහොසත් වූ සුභ තෙමේ එය විස්‌තර කර දෙන ලෙස භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ එම අර්ථය මෙසේ විස්‌තර වශයෙන් වදාළ සේක.

පින්වත් මානවකය, මෙලොව යම් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ හෝ සතුන් කෙරෙහි අකාරුණික ව සතුන් මැරීමෙහි යෙදෙයි. මෙසේ රැස්‌ කර ගත් ඒ (අකුසල) කර්මය හේතු කොට ගෙන එම පුද්ගලයා සැපයෙන් පහ වූ දුක්‌ ඇති නිරයෙහි උපත ලබයි. ඉදින් නිරයෙහි උපත නො ලබා මිනිස්‌ ලොව උපදී නම්, ඒ ඒ තැනදී ඔහු අල්පායුෂ්ක (අඩු ආයුෂ ඇති) වෙයි. මානවකය සියලු සතුන් කෙරෙහි අකාරුණික ව සතුන් මැරීම අල්පායුෂ්ක බව පිණිස හේතු වෙයි.

පින්වත් මානවකය, මෙලොම යම් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ හෝ සියලු සතුන් කෙරෙහි හිතානුකම්පී ව අකුසල් කිරීමෙහි ලඡ්ජිත වෙමින් හිංසාකාරී ආයුධ පසෙක තබා සතුන් මැරීමෙන් වැළකී වෙසෙයි. මෙසේ රැස්‌ කර ගත් ඒ (කුසල) කර්මය හේතු කොටගෙන එම පුද්ගලයා මරණින් මතු සුගතියෙහි ස්‌වර්ගයෙහි (දෙව්ලොව) උපත ලබයි. ඉදින් දෙව්ලොව උපත නොලබා මිනිස්‌ ලොව උපදී නම්, උපදින ඒ ඒ තැන දී ඔහු දීර්ඝායුෂ්ක වෙයි. මානවකය, සියලු සතුන් කෙරෙහි හිතානුකම්පී ව සතුන් මැරීමෙන් වැළකීම දීර්ඝායුෂ්ක බව පිණිස හේතු වෙයි.

පින්වත් මානවකය, මෙලොව යම් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ හෝ අතින් - පයින්, ගල්-මුගුරු-ආයුධ ආදියෙන් සතුන්ට වෙහෙස ඇති කිරීමෙහි (හිංසා කිරීමෙහි) යෙදෙයි. මෙසේ රැස්‌ කර ගත් ඒ (අකුසල) කර්මය හේතු කොටගෙන එම පුද්ගලයා මරණින් මතු සැපයෙන් පහවූ දුක්‌ ඇති නිරයෙහි උපත ලබයි. නිරයෙහි උපත නො ලබා මිනිස්‌ ලොව උපදී නම්, ඒ ඒ තැන දී ඔහු ආබාධ බහුල වූයෙක්‌ වෙයි. මානවකය, අතින්-පයින්, ගල්, මුගුරු, ආයුධ ආදියෙන් සතුන්ට වෙහෙස ඇති කිරීම (හිංසා කිරීම) බොහෝ ආබාධ සහිත වීමට හේතු වෙයි.

පින්වත් මානවකය, මෙලොව යම් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ හෝ අතින්, පයින්, ගල්, මුගුරු, ආයුධ ආදියෙන් සතුන්ට වෙහෙස (හිංසා) නොකරයි. මෙසේ රැස්‌ කරගත් ඒ (කුසල) කර්මය හේතු කොටගෙන එම පුද්ගලයා මරණින් මතු සුගතියෙහි, ස්‌වර්ගයෙහි (දෙව්ලොව) උපත ලබයි. ඉදින් දෙව්ලොව උපත නො ලබා මිනිස්‌ ලොව උපදී නම්, උපදින ඒ ඒ තැන දී ඔහු අල්පාබාධ ඇත්තෙක්‌ වෙයි. මානවකය, අතින්, පයින්, ගල් මුගුරු ආයුධ ආදියෙන් සතුන්ට වෙහෙස (හිංසා) නොකිරීම අල්පාබාධ සහිත වීමට හේතු වෙයි.

පින්වත් මානවකය, මෙලොව යම් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ හෝ ක්‍රෝධ කරනසුලු වූයේ සුළු කරුණකින් පවා ගැටෙමින්, කිපෙමින් කෝපයත්, ද්වේෂයත් නො සතුටත් පළ කරයි. මෙසේ රැස්‌ කරගත් ඒ (අකුසල) කර්ම හේතු කොටගෙන එම පුද්ගලයා මරණින් මතු සැපයෙන් පහ වූ දුක්‌ ඇති නිරයෙහි උපත ලබයි. නිරයෙහි උපත නො ලබා මිනිස්‌ ලොව උපදී නම්, ඒ ඒ තැනදී ඔහු දුර්වර්ණ වෙයි. මානවකය, ක්‍රෝධ කරවනසුලු ව සුළු කරුණකින් පවා ගැටෙමින්, කිපෙමින් කෝපයත්, ද්වේෂයත් නොසතුටත් පළ කිරීම දුර්වර්ණ වීමට හේතු වෙයි.

පින්වත් මානවකය, මෙලොව යම් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ හෝ ක්‍රෝධ නොකරන සුqලු වූයේ මහත් කරුණකින් පවා නො ගැටෙමින් නො කිපෙමින් කෝපයත්, ද්වේෂයත් නො සතුටත් පළ නො කරයි. මෙසේ රැස්‌ කර ගත් ඒ (කුසල) කර්මය හේතු කොටගෙන එම පුද්ගලයා මරණින් මතු සුගතියෙහි, ස්‌වර්ගයෙහි (දෙව්ලොව) උපත ලබයි. ඉදින් දෙව් ලොව උපත නො ලබා මිනිස්‌ ලොව උපදී නම්, උපදින ඒ ඒ තැන දී ඔහු ප්‍රසාදනීය ස්‌වරූපයෙන් යුතු වෙයි. මානවකය, ක්‍රෝධ නො කරන සුලු ව මහත් කරුණකින් පවා නො ගැටෙමින් නො කිපෙමින් කෝපයත්, ද්වේෂයත් නො සතුටත් පළ නො කිරීම ප්‍රසාදනීය බට පිණිස හේතු වෙයි.

පින්වත් මානවකය, මෙලොව යම් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ හෝ ඊර්ෂ්‍යා කරන සුලු වෙයි. අන් අයගේ ලාභ, සත්කාර, ගරුබුහුමන් පිළිබඳ ඊර්ෂ්‍යා කරයිá ද්වේෂ කරයි. මෙසේ රැස්‌ කරගත් ඒ (අකුසල) කර්මය හේතු කොටගෙන එම පුද්ගලයා මරණින් මතු සැපයෙන් පහ වූ දුක්‌ ඇති නිරයෙහි උපත ලබයි. නිරයෙහි උපත නො ලබා මිනිස්‌ලොව උපදී නම් ඒ ඒ තැන දී ඔහු අල්පේශාක්‍ය-යසස්‌ අඩු වූවෙක්‌ වෙයි. මානවකය, අන් අයගේ ලාභ, සත්කාර,ගරුබුහුමන් පිළිබඳව ඊර්ෂ්‍යා කිරීම අල්පේශාක්‍ය වීමට හේතු වෙයි.

පින්වත් මානවකය, මෙලොව යම් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ හෝ ඊර්ෂ්‍යා නොකරනු සුලු වෙයි. අන් අයගේ ලාභ,සත්කාර, ගරුබුහුමන් පිළිබඳ ඊර්ෂ්‍යා නො කරයිá ද්වේෂ නොකරයි. මෙසේ රැස්‌ කරගත් ඒ (කුසල්) කර්මය හේතු කොටගෙන එම පුද්ගලයා මරණින් මතු සුගතියෙහි ස්‌වර්ගයෙහි (දෙව්ලොව) උපත ලබයි. ඉදින් දෙව්ලොව උපත නො ලබා මිනිස්‌ ලොව උපදී නම්, උපදින ඒ ඒ තැන දී ඔහු මහේශාක්‍ය බොහෝ යසස්‌ ඇතියෙක්‌ වෙයි. මානවකය, අන් අයගේ ලාභ-සත්කාර, ගරුබුහුමන් පිsළිබඳ ව ඊර්ෂ්‍යා නො කිරීම මහේශාක්‍ය වීමට හේතු වෙයි.

පින්වත් මානවකය, මෙලොව යම් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ හෝ පැවිදි උතුමන්ට ආහාර පාන, වස්‌ත්‍ර, යාන, මල්, සුවඳ ද්‍රව්‍ය, සෙනසුන්, පහන් ආදිය (මසුරුකම නිසා) නො දෙන සුලු වෙයි. මෙසේ රැස්‌ කර ගත් ඒ (අකුසල) කර්මය හේතු කොටගෙන එම පුද්ගලයා මරණින් මතු සැපයෙන් පහවූ දුක්‌ ඇති නිරයෙහි උපත ලබයි. ඉදින් නිරයෙහි උපත නො ලබා මිනිස්‌ ලොව උපදී නම්, ඒ ඒ තැන දී ඔහු අල්පභෝග ඇත්තෙක්‌ (ධන සම්පත් අඩු වූවෙක්‌) වෙයි. මානවකය, පැවිදි උතුමන්ට ආහාරපානාදිය නො දීම හෙවත් මසුරුකම අල්පභෝග බව පිණිස හේතු වෙයි.

පින්වත් මානවකය, මෙලොව යම් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ හෝ පැවිදි උතුමන්ට ආහාර පාන, වස්‌ත්‍ර, යාන, මල්සුවඳ ද්‍රව්‍ය, සෙනසුන්, පහන් ආදිය දෙන්නේ වෙයි. මෙසේ රැස්‌ කර ගත් ඒ (කුසල) කර්මය හේතු කොටගෙන එම පුද්ගලයා මරණින් මතු සුගතියෙහි, ස්‌වර්ගයෙහි (දෙව්ලොව) උපත ලබයි. ඉදින් දෙව්ලොව උපත නො ලබා මිනිස්‌ ලොව උපදී නම්, උපදින ඒ ඒ තැන දී ඔහු මහාභෝග ඇත්තෙක්‌ (ධන-ධාන්‍යාදී බොහෝ සම්පත් ඇත්තෙක්‌) වෙයි. මානවකය, පැවිදි උතුමන්ට ආහාර පානාදිය දීම මහාභෝග බව පිණිස හේතු වෙයි.

පින්වත් මානවකය, මෙලොව යම් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ හෝ අතිමානයෙන් (අධික වූ මානයෙන්) තද බවට පත්ව, වැඳීමෙන්, නැඟී සිටීමෙන්, අසුන් දීමෙන්, මාර්ගයෙහි ඉඩ දීමෙන්, ගරුබුහුමන් කිරීමෙන් , පූජා කිරීමෙන්, සත්කාර කළ යුතු බුදු-පසේ බුදු, ආර්ය ශ්‍රාවකයන් බඳු වැඩිහිටියන්ට, ගුණවතුන්ට සත්කාර නො කරයි. මෙසේ රැස්‌ කර ගත් ඒ (අකුසල) කර්මය හේතු කෙටගෙන එම පුද්ගලයා මරණින් මතු සැපයෙන් පහ වූ දුක්‌ ඇති නිරයෙහි උපත ලබයි. ඉදින් නිරයෙහි උපත නො ලබා මිනිස්‌ ලොව උපදී නම්, ඒ ඒ තැනදී ඔහු පහත් කුලයෙහි උපදී. මානවකය, අතිමානයෙන් තද බවට පත්ව, ගරු කළ යුත්තන් හට ගරු-සම්මාන නො කිරීම පහත් කුලයෙහි ඉපදීමට හේතු වෙයි.

පින්වත් මානවකය, මෙලොව යම් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ හෝ අධික මානයෙන් තද බවක්‌ නැතිව, වැඳීමෙන්, නැඟී සිටීමෙන්, අසුන් දීමෙන්, මාර්ගයෙහි ඉඩ දීමෙන්, ගරුබුහුමන් කිරීමෙන් , පූජා කිරීමෙන්, සත්කාර කළ යුතු බුදු-පසේ බුදු, ආර්ය ශ්‍රාවකයන් බඳු වැඩිහිටියන්ට, ගුණවතුන්ට සත්කාර කරයි. මෙසේ රැස්‌ කර ගත් ඒ (කුසල) කර්මය හේතු කොටගෙන එම පුද්ගලයා මරණින් මතු සුගතියෙහි, ස්‌වර්ගයෙහි (දෙව්ලොව) උපත ලබයි. ඉදින් දෙව්ලොව උපත නො ලබා මිනිස්‌ ලොව උපදී නම්, ඒ ඒ තැනදී ඔහු උසස්‌ කුලයෙහි උපදී. මානවකය, අධික මානයක්‌ නැතිව තද බවක්‌ නැතිව ගරු කළ යුත්තන්හට ගරු-සම්මාන කිරීම උසස්‌ කුලයෙහි ඉපදීමට හේතු වෙයි.

පින්වත් මානවකය, මෙලොව යම් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ හෝ පැවිදි උතුමන් වෙත ගොස්‌ 'ස්‌වාමීනි, කුසලය-අකුසලය කුමක්‌ද? වරද-නිවරද කුමක්‌ද? පුරුදු කළ යුතු දේ - පුරුදු නොකළ යුතු දේ කුමක්‌ද? මා විසින් කුමක්‌ කරනු ලබන්නේ එය මා හට බොහෝ කලක්‌ අහිත පිණිස හෝ හිත සුව පිණිස හේතු වේ ද?' යනුවෙන් නො විමසයි. මෙසේ රැස්‌කරගත් ඒ (අකුසල) කර්මය හේතුකොට ගෙන එම පුද්ගලයා මරණින් මතු සැපයෙන් පහ වූ දුක්‌ ඇති නිරයෙහි උපත ලබයි. ඉදින් නිරයෙහි උපත නො ලබා මිනිස්‌ ලොව උපදී නම්, උපදින ඒ ඒ තැන දී ඔහු දුශ්ප්‍රාඥ නුවණ අඩු බව පිණිස හේතු වෙයි.

පින්වත් මානවකය, මෙලොව යම් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ හෝ පැවිදි උතුමන් වෙත ගොස්‌ "ස්‌වාමීනි, කුසලය-අකුසලය කුමක්‌ද? වරද-නිවරද කුමක්‌ද? පුරුදු කළ යුතු දේ - පුරුදු නොකළ යුතු දේ කුමක්‌ද? මා විසින් කුමක්‌ කරනු ලබන්නේ එය මා හට බොහෝ කලක්‌ අහිත පිණිස හෝ හිත සුව පිණිස හේතු වේ ද?' යනුවෙන් ප්‍රශ්න කර විමසයි. මෙසේ රැස්‌කරගත් ඒ (කුසල) කර්මය හේතු කොටගෙන එම පුද්ගලයා මරණින් මතු සුගතියෙහ් ස්‌වර්ගයෙහි (දෙව්ලොව) උපත ලබයි. ඉදින් දෙව්ලොව උපත නො ලබා මිනිස්‌ ලොව උපදී නම්, උපදින ඒ ඒ තැන දී ඔහු මහාප්‍රාඥ (බොහෝ නුවණැති) වෙයි. මානවකය, පැවිදි උතුමන් වෙත ගොස්‌ ධර්මය-අධර්මය විමසීම මහාප්‍රාඥ බව පිණිස හේතු වෙයි.

පින්වත් මානවකය, මෙලෙසින් සත්ත්වයෝ තමන්ගේ කර්මය තමන් සතු කොට (කම්මස්‌සකා) ඇත්තාහ. එසේම කර්මය දායාද කොට (කම්මදායාද) ඇත්තාහá කර්මය උපතට හේතු කොට (කම්මයෝනි) ඇත්තාහá කර්මය නෑයා කොට (කම්මබන්දු) ඇත්තාහá කර්මය පිළිසරණකොට (කම්මපටිසරණා) ඇත්තාහ. සත්ත්වයන් උසස්‌ - පහත් බවට පමුණුවනු ලබන්නේ කර්මය විසිනි.

භාග්‍යවතුන් වහන්සේ විසින් මෙතෙකින් දේශනාව සමාප්ත කරන ලදී. මෙම දේශනාව අසා සතුටු වූ තෝදෙයH පුත්‍ර සුබ මානවකයා තෙමේ තෙරුවන් සරණ ගියේය.

(මඡ්ක්‌ධිම නිකායේ උපරිපණ්‌නාසකයෙහි චුල්ල කම්ම විභංග (සුභ සූත්‍රය) ඇසුරිනි)
 

බෞද්ධ දර්ශනයට එකතුවූ කාලීන මතාන්තර

මිරිස්‌සේ ඉන්දරතන නාහිමි

ගුරුවරයෙකි, විහාරාධිපතීන් වහන්සේනමකි. පරිවේනාධිපතීන් වහන්සේ නමකි. ග්‍රන්ථ කතුවරයෙකි. සංස්‌කාරකවරයෙකි. පුවත්පත්,සඟරා ලිපි රචකයෙකි. විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමකි. උන්වහන්සේ විසින් රචනා කරන ලද මෙම මාහැඟි ලිපිය වර්ෂ 1972 වෙසක්‌ මස රසවාහිනි සඟරාවෙහි පළවිය.

බෞද්ධ දර්ශනය පුළුල්ය. ගැඹුරුය. සාරවත්ය. විශාලය. එබඳු උදාරතර ශ්‍රේෂ්ඨ දර්ශනයක අන්තර්ගත කරුණු විමසීම ඉතා උගහටය. බෞද්ධ එමෙන්ම ප්‍රාග් බෞද්ධ අදහස්‌ වෙන් කොට ගැනීම අසීරුය. භාරතීය චින්තන පරපුර විශාල වීමත් එබඳු චින්තනයන්හි සංකලනයත් ඊට හේතු වශයෙන් පවත්නේය. බෞද්ධ දර්ශනයට එක එල්ලේ බලපෑ දර්ශනවාද කීපයකි. වේද සංහිතා, බ්‍රාහ්මණ ග්‍රන්ථ ආරණ්‍යක ග්‍රන්ථ හා උපනිෂද් ග්‍රන්ථ යන මේ සතර ප්‍රධානය. උපනිෂද් දර්ශනයට පසුව ඇතිවූ ෂට්‌ දර්ශනයත් ජෛන හා හින්දු දර්ශනයනුත් යන මේ හැම දර්ශනයක්‌ම බුදුදහම කෙරෙහි බලපාන අයුරු ත්‍රිපිටක සාහිත්‍යය පරීක්‌ෂාකාරීව විමසා බලන්නකුට මනාව වැටහේ. මෙහිලා සංහිතා නමින් හැඳින්වූයේ සෘග්, යජුර්, සාම යන වේදත්‍රයයි. ත්‍රිපිටකයේ ත්‍රිවේධ නාමයෙන් සලකනුයේ මේ තුනය.

'තිණ්‌ණං වේදනං පාරගු' යන වචනය දේශනා පාලියෙහි ඉතා ප්‍රකටය. වෛදික යුගයෙහි පැවැති බ්‍රාහ්මණයන්ගේ යාගය ක්‍රමයෙන් පිරිහී යත්ම ක්‌ෂත්‍රියයන් අතින් ඇරැඹී ගිය දාර්ශනික සිතුවිලි පරපුර ක්‍රමයෙන් දියුණු වන්නට විය. සෘග් වේදයේ දහවැනි මණ්‌ඩලය මේ චින්තන විපර්යාසයේ නව මුහුණුවර පෙන්වා දෙයි. බමුණන්ගේ යාගයට තදින් පහරදුන් ක්‌ෂත්‍රියයෝ බුද්ධිය දියුණු කොට මෝක්‌ෂය ලැබීමේ ඥන මාර්ගය හෙළි කළහ. සමාජයේ ඉස්‌මතුව සිටි බමුණන් පහතට වැටුනු බව පෙනී ගිය ඔවුහු ක්‌ෂත්‍රියයන් දියුණු කළ දාර්ශනික සම්ප්‍රදායය තමන් අතට ගත්හ. එබැවින් උපනිෂද්වල පෝෂණය ක්‌ෂත්‍රිය බ්‍රාහ්මණ දෙපිරිස අතින්ම සිදු වී යෑයි කීම නිවැරැදිය. සංහිතා සහ බ්‍රාහ්මණ ග්‍රන්ථවල නොපැනෙන සංසාරය, කර්මය, ආත්මය, බ්‍රහ්මන් වැනි ගැඹුරු අදහස්‌ උපනිෂද්වල පෙනෙනුයේ මේ බුද්ධි විප්ලවය නිසාමය. සංහිතා කාලවල බමුණන්ට ලැබුණු තැන උපනිෂද් කාලයේ ක්‌ෂත්‍රියයන්ට ලැබිණි. උද්දාලක ආරුණි ආචාර්යවරයා බමුණන් පස්‌ දෙනකුන් සමග වෛශ්වානර අග්නිය ගැන ඉගනීමට අශ්වපති කේකය රජු වෙත ගිය බව ඡාන්දොaග්‍ය උපනිෂදයේ පෙනේ. බ්‍රාහ්මණ ආධිපත්‍යය බිඳ වැටීමත් සමග ක්‌ෂත්‍රියයන් මෙන්ම සෙසු කුලවල අයද උපනිෂද් ධර්මය අවබෝධ කළහ. චින්තන නිදහසේ ප්‍රතිඵල ලැබුණේ පුරුෂ පක්‌ෂයට පමණක්‌ නොවේ. ස්‌ත්‍රීහු පවා උපනිෂද් ධර්ම අවබෝධ කොට විසූහ.

වවක්‌හුගේ දියණියන් වූ භාර්ග්‍යා භවයේ මුල ගැන යාඥ මල්ක්‍ය මුනිහට අභියෝග කළාය. පසු කලෙක බුදු සමයෙන් තදින් පහර වැදුණු බමුණන්ට උපනිෂද් මුනිවරයන් අතින්ද දරුණු පහර ලැබිණි. දාසියකගේ පුත්‍ර වූ සත්‍යකාම ගෞතම සෘෂි වෙත ගිය විට තම පියා කවරකේදැයි ඇසීය. එය නොදන්නා බව අවංකව කීම නිසා ඔහු බ්‍රාහ්මණයකු ලෙස සැලකීය. සත්‍යවාදියා බමුණෙක'යි ඔහු කීය. 'න ඡච්චාහෝති බ්‍රාහ්මණෝ' යන්න උපනිෂද් යුගයේ ද පැවැති බව මෙයින් පෙනේ. බමුණෝ තමන් උසස්‌ යෑයිද බ්‍රහ්මයාගේ මුවින් උපන්නේ යෑයිද සෙස්‌සෝ පහත් යෑයිද කියති. ඒ අදහස ත්‍රිපිටකයේ නොයෙක්‌ තැන තිබේ. මීට බුදුරදුන් දුන් පිළිතුරු තෙවිඡ්ජ,සෝණදණ්‌ඩ, කූඨදත්ත වැනි සූත්‍රවල දැක්‌ක හැකිය. බ්‍රහ්ම සහව්‍යතාව ගැන බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡා කළ වාගිෂ්ට භාරද්වාජ බමුණන්ට බ්‍රාහ්මණ කාරක සුචරිත ධර්ම මේ මේ යෑයි උන්වහන්සේ වදාළහ. මේ සූත්‍රයේ නම් ඇති අඹරිය, කිත්කිරිය, ඡන්දොaග බහවාරිඡCධා බමුණෝ උපනිෂද් හා බ්‍රාහ්මණවල කර්තෘවරු වෙති. සෘග් වේදයේ පෙනෙන ඉන්ද්‍ර, වරුණ, ප්‍රජාපතී ආදී දෙවියන් පිදීම ඉන් දමව්හයාම, සොමමව්හයාම, වරුණ මව්හයාම යන වචනවලින් පෙනේ. සංහිතා බ්‍රාහ්මණ උපනිෂද් කාලත්‍රයේම ක්‍රියා මාර්ග දර්ශනයක්‌ මෙම තෙවිඡ්ජ සූත්‍රයෙන් පෙනේ.

යාගයෙන් බ්‍රහ්ම සහව්‍යතාවට පැමිණිය හැකිය යන්න බ්‍රාහ්මණ ධර්මයයි. එහෙත් බ්‍රහ්ම ඥනය අන්තර් ඥනයෙන්ම ලැබිය යුතුය. බ්‍රහ්ම අවබෝධ කළේ හොඳ-නරක සියලු ක්‍රියාවන්ම අත්හරී යන උපනිෂද් ධර්මයයි. 'සබ්බේ ධම්මා පහාතබ්බා පහෙව අධම්මා' යනු බුද්ධ වචනයයි. යාග මාර්ගයෙන් දෙවියන් සතුටු කොට ජීවිතය සැපවත් කරගැනීම බ්‍රාහ්මණ ධර්මයයි. බ්‍රාහ්මණ යුගයේදී ද්‍රව්‍යයෙන් සැබවින්ම කළ යාගය ආරණ්‍යයක යුගයේදී ප්‍රතීක මගින් ඉදිරිපත් කරයි. එහෙත් උපනිෂද් යුගයේදී විමුක්‌තිය උදෙසා යාගය අවශ්‍ය නැතැයි ප්‍රතික්‌ෂේප කරයි. යාගයේ යෙදෙන මූඪයෝ යළි යළිත් ජරා මරණයට පැමිණෙති. එය අන්ධයන් රැළකට අන්ධයන් රැළක්‌ මග පෙන්වීම වැනිය යන අදහස්‌ මුණ්‌ඩක උපනිෂදය කියයි. ඡංදොaග්‍ය උපනිෂදයේ එන සුනඛ උද්ගීතය බමුණන් දරුණු උපහාසයට ලක්‌ කරයි. යාග ක්‍රියාව උදෙසා බ්‍රාහ්මණයන්ට පහර වැදුණේ බුදුසමයෙන් පමණක්‌ නොවන බව මින් පැහැදිලි වේ.

සංසාරය පිsළිබඳ මතයද සංහිතාවල හා බ්‍රාහ්මණ වලද එයි. තමන්ගේ ක්‍රියාවලට අනුව මිනිසා පරලොව දුක්‌ සැප දෙක තනාගනී යන්න ශතපථ බ්‍රාහ්මණයේ එයි. ඓතරෙය බ්‍රාහ්මණයට අනුව ජීවිතයෙන් පසු මරණයත්, මරණයෙන් පසු ජීවිතයත් යන කෙළවරක්‌ නැති සැරිසැරීමක්‌ ගැන අදහසක්‌ හැඟෙතියි ආචාර්ය රාධ ක්‍රිෂ්ණන් කියයි. සෘග්වේද යුගයේද කර්මය පිළිබඳ අදහස්‌ ප්‍රචලිත වූ බව පෙනේ.

'ඔබගේ පවට හෝ පිනට අනුව දෙව්ලොව හෝ පෘථිවියට යනු නැතහොත් ජලයට යනු තැනහොත් පැළෑටිවලට යනු මේ වනාහි සෘග්වේදයේ දහවැනි මණ්‌ඩලයේ 16 වැනි සුත්තයේ එන්නකි. බුදුරදුන් සංසාරය පිsළිබඳ ඉගැන්වූයේ මෙසේය

බන්ධානං පටිපාටි

ධාතු ආයතනානිච

අබ්බොච්äන්නං වත්තමානං

සංසාරෝති පවුච්චති'

සසර නම් නොනැසී පවත්නා ස්‌කන්ධ පඤ්චකය බව මෙයින් වැටහෙයි. භවයෙන් භවයට යන සදාකාලික ආත්මයක්‌ ගැන මෙහි නොකියෑවෙයි. උපනිෂද්හි ඇති සසරින් මිදීම නම් බ්‍රහ්ම ඥනයෙන් බ්‍රහ්ම පදාර්ථය හා එක්‌වීමයි.

තවද භාරතීය බුද්ධි විප්ලවයේ උත්කර්ෂවත් අවස්‌ථාවක ජීවත්ව සිටි ෂට්‌ ශාස්‌තෘ කෙනෙක්‌ ගැන දීඝනිකායේ සාමඤ්ඤ ඵල සූත්‍රයේ සඳහන් වෙයි. අජිතකේශකම්බල, මක්‌ඛලිගෝසාල, පූර්ණ කාශ්‍යප, පකූධ කාත්‍යායන, සඤ්ජය බෙල්ලට්‌ඨිපුත්ත, නිගණ්‌ඨනාථපුත්ත යන මේ දෘෂ්ටියම ඇත්තෙකි. කම්බල භෞතිකවාදිSය. මක්‌ඛලීගෝසාල අකිරියවාදීය. පූර්ණකාශ්‍යප අකිරියනිත්‍යතා වාදීය, පකූධකාත්‍යායනද මේ දෘෂ්ටියටම ඇත්තෙකි. සංජය බෙල්ලට්‌ඨිපුත්ත, නිගණ්‌ඨනාථපුත්ත දෙදෙන ස්‍යද්වාදීය.මින් අජිත කේශකම්බල භෞතිකවාදීය. මක්‌ඛලීගෝසාල අකිරියවාදීය. පූරණ කාශ්‍යප අකිරිය නිත්‍යතාවාදීය. පකුධ කාත්‍යායන ද මේ දෘෂ්ටියම ඇත්තෙකි. මින් සවැනි වූ නිගන්ඨනාථපුත්ත නම් ජෛන ශාස්‌තෘ වර්ධමාන මහාවීර තෙමේය. හේ සූවිසිsවැනි ජෛන ශාස්‌තෘය. බුද්ධ කාලයේ ඉතා විශාල පිරිසක්‌ ඇතිව සිටි ඔහු හා කළ වාද ත්‍රිපිටක සාහිත්‍යයෙහි නොයෙක්‌ තැන පෙනේ. බුදුරදුන් දෙසූ ඇතැම් සූත්‍රවල නිගණ්‌ඨනාථපුත්ත ශ්‍රේෂ්ඨ උතුමෙකු ලෙස පෙන්වාදී ඇත.

'නිගණ්‌ඨෝ භික්‌ඛවේ නාථ පුත්තෝ සබ්බඤ්ඤ සබ්බදස්‌සාවි' යනාදී පිළිවෙළට බුදුරදුන් විසින් වර්ණනා කොට ඇත. එහෙත් ඇතැම් තැනෙක බලවත් අවඥවට ද ලක්‌ කොට ඇති බව පෙනේ. මොහුගේ මරණය සඳහන් කරනුයේද ලේ වමනය කොට පපුව පැලී මළ කෙනකු ලෙසිනි. බුදු සමයට සමකාලීන වූ ජෛන දර්ශනය එකල භාරතයේ කොතරම් දුරට බලපෑයේද යන්න ත්‍රිපිටකයෙන් සෙවිය හැකිය. බුදුරදුන් ඇතැම් තැන විනය නීති පැනවීමේදී පවා මේ බාහිර දර්ශනවලට ගරුකළ බව පෙනේ. විනය මහවග වස්‌සාවාසිකක්‌ඛන්ධකය කියවන විට ජෛනයන්ගේ ජීවවාදයට ගරු කොට වස්‌ වැසීම් ශික්‌ෂාපදය පැනවූ බව සිතාගත හැකිය.

ජීවය හා ආත්මය පිළිබඳ මත කීපයක්‌ හැර නිගණ්‌ඨනාථපුත්තගේ දර්ශනය ඉතා ස්‌වල්පයකි. මුලදී ආගමික සම්ප්‍රදායක්‌ වූ ජෛන ධර්මය පසුව ස්‌වතන්ත්‍ර දර්ශනයක්‌ බවට පත් විය.

බුද්ධ ධර්මය කෙරෙහි බහුල වශයෙන් සංඛ්‍යා ක්‍රමයේ බලපෑමක්‌ ඇතිවී යෑයි ජොකෝබ් පඬිවරයා සඳහන් කරයි. ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය පැරැණි සංඛ්‍යා ක්‍රමයෙහි දැක්‌වෙන එවැනි සන්තති සිද්ධාන්තයකින් උපුටා ගන්නා ලද්දක්‌ යෑයි හෙතෙම කියයි. එහෙත් මේ මතය බැහැර කිරීමට පුළුවන් හේතු රාශියක්‌ බුදුදහමෙහි දක්‌නට ඇත. සංඛ්‍යා දර්ශනයේ ඉතා මූලික නියාමයන් වූ ප්‍රකෘති ගුණ බුද්ධ ධර්මයෙහි කිසි තැනෙකද දක්‌නට නොලැබෙයි.

එබැවින් මේ සාංඛ්‍ය ක්‍රමය බෞද්ධයන්ගේ පටිච්චසමුප්පාද ධර්මය විස්‌තර කළ තැනැත්තාට උපදෙස්‌ දුන් බවට කිසිදු සාධකයක්‌ ලබාගත නොහැකිය. බුදුසමය හා සාංඛ්‍ය දර්ශනය අතර සම්බන්ධය දැක්‌වීමට තවත් ගැටලුවක්‌ යෝග දර්ශනය නිසා පැනනඟී. යෝග දර්ශනය ක්‍රමයට අයත් අදහස්‌වලින් වැඩි කොටසක්‌ සංඛ්‍යා ක්‍රමයට සමානය. දෙවියන් පිළිබඳ අදහස ඇතුළු කිරීමෙන් සහ යෝගභ්‍යාසයන්ට එහිලා මුල් තැනක්‌ දීමෙන් පමණක්‌ සාංඛ්‍ය දර්ශනයට වෙනස්‌ වේ. බුදුදහම සාංඛ්‍ය අදහස්‌ පිළිගත්තේ යෝග දර්ශනය මගිනි. ථෙරවාදීන් සාංඛ්‍ය දර්ශනය හැඳින්වූයේ පකතිවාදය නමිනි. මේ පකතිවාදීන් හෙවත් සංඛ්‍යාවාදීන් ගැන බුද්ධ ඝෝෂ අටුවාචාරීන් විසින් විශුද්ධි මාර්ගයේ බොහෝ විට සඳහන් කර තිබේ. විශුද්ධිමග්ග පඤ්ඤාභූමි, නිද්දේසයේ මෙසේ සඳහන් වෙයි. 'කිපන පකති වාදීසු' ප්‍රකෘතිවාදී අදහස්‌ මෙයින් බැහැර කරන බව පෙනෙ.a

යෝග දර්ශනය බුදුදහම ප්‍රතික්‌ෂේප නොකළ බවට සාධක ඉදිරිපත් කළ හැකිය. බුදුවරුන්ට පෙර බෝසතුන් යෝගාභ්‍යාසය ලබා ඇත. විනය මහවග බුද්ධ චරිතය දක්‌වන තන්හි ආලාර කාලාම, උද්දකරාම දෙදෙනා ළඟට බෝධිසත්වයන් ගිය බව සඳහන් වේ. ආලාරකාdම ආකිඤ්චඤ්ඤා යතනලාභියෙකි. උද්දකරාම නෙවසඤ්ඤා නාසඤ්ඤායතන ලාභියෙකි. මේ තවුසන් දෙදෙනා අතහැර ගියේ බුදුරදුන්ට මේ දෙදෙනාගේ ඉගැන්වීම් ප්‍රමාණවත් නොවූ හෙයිනි. ආදිකාලීන බුදුසමයේ වැදගත් කොටසක්‌ පිළියෙළ වී තිබුණේ යෝගාභ්‍යාසයන්ගෙන් යෑයි ඇතැම්හු විශ්වාස කරති. යෝගාභාස්‍ය ක්‍රමය බුදුසමයට පෙර ඇතිවූ බවත් එසේ ඇතිවූ යම්කිසි යෝග ක්‍රමයකින් බුදුසමය ඇතැම් කරුණු උපුටාගත් බවත් දැනට පිළිගත හැකිය. බුදු දහමෙහි පෙනෙන සතර බ්‍රහ්ම විහාර පිළිබඳ කාරණය මෙයට නිදසුන් ලෙස පෙනේ. බුදුදහමේ පසු කලෙක දැක්‌වෙන සතර බ්‍රහ්ම විහාර ක්‍රමය කෙලින්ම යෝග ක්‍රමයෙන් උපුටාගෙන ඇතැයි සිතීමට ඉඩ තිබේ. මෙසේ බලන විට බෞද්ධ ක්‍රමයේත් යෝග ක්‍රමයේත් සම්බන්ධය පෙනෙන මුත් කොයි කොයි කොටස්‌ උපුටා ගත්තේ ද යන්න තීරණය කිරීම අපහසු බව පිළිගත යුතුය. මෙසේ බුදුදහම විමසුම් ඇසින් බලන විට පෙනී යන්නේ බුදුසමය කෙරෙහි ප්‍රාග් බෞද්ධ අදහස්‌ ඇති බවයි.
 

නිවන සාක්‌ෂාත් කළ යුත්තේ ඇයි?

නිවන සාක්‌ෂාත් කළ යුත්තේ ලෝකය අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම වන බැවිනි. ලෝකය අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ත වන බැවින් නිවන සාක්‌ෂDත් කිරීම හැර අන්කළ යුත්තක්‌ද නැත.

අවිද්‍යා අන්ධකාරයෙහි ගිලුණු පංචුHdදානස්‌කන්ධ සංඛ්‍යාත සත්වයා සංස්‌කාර ස්‌කන්ධය ප්‍රත්‍යවීම මත සසරෙහි ඇවිදී. එහිදී යම් භවයෙක ප්‍රතිසන්ධි ගැනීම් වශයෙන් ඉපැදෙන්නාවූ සත්වයා ඉපැදීම කරනකොටම මහත්වූ දුක්‌ඛස්‌කන්ධයකට මුහුණ දෙයි. ඒ මෙසේය.

යම් භවයකදී ආයුෂ පුණ්‍ය යන ඒවායේ ක්‌ෂයවීම මත හෝ උපඡේචදක කර්මයකින් හෝ ජීවිතේන්ද්‍රිය සිඳී ගිය කල මරණය සිදුවේ. ඒ මරණය හෙවත් භවංග 'චිත්තවීථියෙහි අවසානය වන චුති චිත්තයට පෙරාතුව කම්ම, කම්ම නිමිති, ගති නිමිති යන ආරම්මණයන්ගෙන් එකක්‌ පහල වේ. එනම් කුසලාකුසල කර්මය හෝ කර්මය නිවීමට යොදාගත් ද්‍රව්‍ය හෝ ඊළඟ ප්‍රතිසන්ධියේදී විපාක වශයෙන් ලැබෙන්නාවූ පංචස්‌කන්ධයෙහි ආරම්මණයක්‌ හෝ ආයතන සයෙන් එකකට අරමුණු වේ. එය කර්මානුකූව සිදුවේ. ඒ අරමුණ ඔස්‌සේ දුබල ජවන් පසක්‌ අවසන චුති චිත්තය පහල වේ. ඒ චුති චිත්තය නිරුද්ධවීම සම්මුති මරණයයි.

මෙලෙසට චුති චිත්තය නිරුද්ධවීමෙන් අනතුරුවම ප්‍රතිසන්ධි සිත පහල වේ. එය කර්මානුකූලවම සුදුසු තැනෙක ප්‍රතිසන්ධි ගනී. එය ලෝක 31 තුළය. අන්තරා භව නැත. අන්තරාභවය පුහු සංකල්පයකි. චුතියට අනතුරුවම ප්‍රතිසන්ධිය වේ මය. ඒ ප්‍රතිසන්ධි ගැනීම නිසා ඒ භවයේදී ආයතන පහල වීම සිදුවේ. උදාහරණ ලෙස මිනිස්‌ ලොව උපත ගනිමු.

මව සෘතුමත් වීම, මව්පියන් එක්‌වීම, ගන්ධබ්බයකුගේ පැමිණීම යන කරුණු තුන මත මනුෂ්‍ය ප්‍රතිසන්ධිය සිදුවේ. ගන්ධබ්බයා යනු ජීවිතේන්ද්‍රිය ආයුෂය හා විඤ්ඤාණයේ පහල වීමයි. එලෙසට ගන්ධම්බාගමනය සිදුවූ කල්හිම කළලය වර්ධනය වීම සිදුවේ.

පඨමං කලලං හොති - කලලා හොති අබුද්දං

අබ්බුදා ජායතෙ පෙසි - පෙසි නිබබත්තෙ ඝනො

ඝනා පාසඛා ජායනති - කෙසා ලොමා නඛා පිච

(ස.නි. - යක්‌ච සංයුත්තය - ඉන්දික සූත්‍රය)

'පළමුව කළලය වෙයි. කලලයෙන් අබුද්දය වෙයි. අබ්බුදයෙන් පේෂිය හටගනී. පේෂියෙන් ඝනය හටගනී. ඝනයෙන් ශාඛා පසක්‌ හටගනී. අනතුරුව කෙස්‌, ලොම්, නිය ද හටගනී'.

මෙය රූපකායෙහි වර්ධන පිළිවෙළයි. මේ රූපකාය දස මසක්‌ පුරාවට ගර්භය තුළ වර්ධනය වීම සිදුවන අතර විඤ්Æණය කාය ප්‍රාසාදය ඔස්‌සේ අරමුණු ගැනීම සිදුකරයි. ගර්භය ගත් කල අඳුරු වූ උෂ්ණ වූ දුගඳ හමන්නා වූ අසූචි වළක්‌ හා සමාන වූවකි. ඒ තුළ සිටියදී කාය ප්‍රාසාදයට අරමුණු වනුයේ දුක්‌ඛසහගත පොට්‌ඨබ්බයන්මය. එහිලා සුඛසහගත ස්‌පර්ශ කෙසේ නම් ලැබෙනුයේද? එබැවින් ප්‍රතිසන්ධියේ පටන් මවුකුසින් බිහිවීම දක්‌වා ඇත්තේ නිරා දුකක්‌ හා සමාන දුකකි. ඇරැඹුණු තැනම දුකමය.

මවු කුසින් බිහිවූ පසුව හොවන ලද තැනම මල මුත්‍රා පහර කර ගනිමින් තිරිසන් අපා දුකක්‌ හා සමාන දුකක්‌ විඳී. එයට හේතුව ඉපැදීමයි. තවද වර්ධනය වීම නම් වූ ජරාවට මුහුණපෑමට සිදුවේ. වැටි වැටී ඇවිදිමින් තනිවම තම කටයුතු කර ගැනීමට හැකිවන තෙක්‌ අසරණ, දුක්‌ත ජීවිතයක්‌ ගත කළ යුතුය. එයටද මුල ඉපැදීමයි. අතරතුර ලෙඩවීමටද ලක්‌ වේ. එනිසාද බොහෝ දුක්‌ විඳීමට සිදුවේ.

මේ ලෙස දිවි ගත කරන ඔහුට අවිද්‍යා අන්ධකාරයෙන් නුවණැස අන්ධවීම නිසා නොපෙනෙන යථාර්ථයක්‌ ඇත. එනම් අනිත්‍යතාවය, දුක්‌ඛතාවය, අනාත්මතාවය යන ත්‍රිලක්‌ෂණයයි. උපන්නා වූ පුද්ගලයා විසින් තමා යෑයි හඳුන්වාදෙන හඳුනාගත් නාම, රූප දෙකොටසම ත්‍රිලක්‌ෂණයට යට වේද ඔහු මමය, මාගේය කියාගන්නා ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතන සියල්ලම අනිත්‍ය දුක්‌ඛ, අනාත්ත වේ.

ඇසගත් ගත් කල යම්කිසි දිනෙක මිය යන බැවින් අනිත්‍යය. තවද ජීවත්ව සිටියදී ඇස්‌ අන්ධවන බැවින්ද අනිත්‍යය. ඇසෙහි රෝග හටගන්නා බැවින්ද අනිත්‍යය. ඇස රෝගී වන්නේ පෙර තිබූ නිරෝගී තත්ත්වයෙන් වෙනස්‌වූ බැවිනි. තවද ඇස සැකසී ඇති රූප කලාප චිතතක්‌ෂණ දහහතෙන් දහහතට ඇතිවී පැවැතී නැතැවී යන බැවින්ද අනිත්‍යය. පීඩා ගෙන දෙන්නක්‌ බැවින් දුක්‌ඛය. උදෑසන අවදිව කඳුළු සෝදා පිරිසිදු කළ යුතු බැවින් දුක්‌ඛය. පිළිකුල් සහගත බැවින් දුක්‌ඛය. අන්ධභාවය, සුද මතුවීම ආදී රෝගයන්ගෙන් පීඩාගෙන දෙන බැවින් දුක්‌ඛය. ඇස සරණකොට අකුසල් පහලවන බැවින්ද දුක්‌ඛය. කෙටියෙන් කියතොත් ඇසෙහි පැවැතීම යනු දුකෙහි පැවැතීමයි. එනම් ඇස යනු දුකයි. දුක යනු ඇසයි.

ඒ ඇස වසඟයෙහි පවත්වාගෙන නොහැකි බැවින්ද හරයක්‌ නොමැති බැවින්ද, අනාත්මය. ඇසින් ශබ්ද ඇසිය නොහැක. එනම් ඇස තමා වසඟයෙහි පවතින්නක්‌ නොවේය. තමාට පාලනය කළ හැක්‌කක්‌ නොවේය. ඇස යනු දොරටුවක්‌ පමණක්‌ බැවිනි. එය දොරටුවක්‌ පමණක්‌ විනා හරයක්‌ සහිත වූවක්‌ නොන බැවින් අනාත්මය.

එසේම කන, නාසය, දිව, කය, මනස යන ආයතනද වෙනස්‌ වන බැවින් අනිත්‍යය. මියෙන බැවින්ද අනිත්‍යය. පීඩාකාරී බැවින් දුක්‌ඛය. වසඟ කළ නොහැකි බැවින් හරයක්‌ නොමැති බැවින් අනාත්තය. මේ ආයතනවලට අධිපතිකම් කරන සත්වයකු පුද්ගලයකු නොමැත. ආයතන තුළ ආරම්මනයක්‌ ගැටුණු විට ඒවා විජානනය කරන විඤ්ඤානය පහලවී අරමුණු අනුව සංස්‌කාර රැස්‌කිරීමක්‌ විනා සත්වයකු හෝ පුද්ගලයකු රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්‌ඨබ්බ ධම්ම අරමුණු නොකරයි. රූප දැකීමක්‌ ඇත දකින්නකු නැත. ඇසීමක්‌ ඇත. අසන්නකු නැත. විඳීමක්‌ ඇත. විදින්නකු නැත. කිරීමක්‌ ඇත. කරන්නකු නැත. සිතීමක්‌ ඇත. සිතන්නකු නැත.

එසේ බැවින් උපන්දා සිට මෙතෙක්‌ විඳින ලද සැප, දුක්‌ ඔබ වින්දා නොවේමය. ඔබට දැනුනා නොවේමය. හුදු වේදනා චෛතසික ඇතිවී පැවැතී නැතිවීමක්‌ පමණමය. ඒ ලෙස අනිත්‍ය, දුක්‌ඛ, අනිත්‍ය වූ වේදනා චෛතසිකයක උත්පාද ඨිති භංග අවස්‌ථාවන්, එය මගේය, මම විඳීමි යෑයි සක්‌කාය වශයෙන් උපාදාන කරගත් ඔබ කෙතරම් මෝඝ පුරුෂයෙක්‌ද? කෙතරම් හිස්‌ මිනිසෙක්‌ද? තමා සතු නොවූවක්‌ තමාගේ යෑයි ගැනීමට තරම් ඔබ අඥන වූයේ ඇයි? ධර්මය බබලන්නා වූ බුද්ධොත්පාද කාලයකම එලෙස සිදුවීම මහත් අභාග්‍යයකි. ගර්හා කළ යුතු හිස්‌ ක්‍රියාවකි. එසේ නොවේද?

ඉදින් ලෝකය අනිත්‍ය දුක්‌ඛ අනිත්‍ය වූ කල නිවන් සාක්‌ෂාත් කිරීම හැර අන් කළ යුත්තක්‌ නොවේද?
 

පින්-පව්, නැවත උපත හා මරණින් පසු ජීවිතය පිළිබඳ වර්තමාන අත්දැකීම්

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය පූජ්‍ය නැදලගමුවේ ධම්මදින්න හිමි
කැලණිය විශ්වවිද්‍යාලය, නූතන භාෂා අංශය

බුද්ධ ධර්මයට අනුව සියලුම සත්ත්වයෝ නිරන්තර වෙනස්‌කම්වලට හසුවෙමින් ඉපදීම හා මරණයත්, මරණින් පසු නැවත ඉපදීමත් උරුමකරගත් ස්‌ථිර ආත්මයක්‌ නැති, ඉන්ද්‍රියන් එකට එකතු වීමෙන් හටගන්නා ජීවය ඇති අය වෙති. මේ සත්ත්වයින්ගේ ස්‌වභාවය නිසි පරිදි විස්‌තර කොට නැවත ඉපදීම නොහොත් පුණර්භවය දුරු කිරීමේ මාර්ගය විස්‌තර කිරීම බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන පරමාර්ථය විය. මෙහිදී උන්වහන්සේ විසින් වටහා ගෙන පැහැදිලි කරන ලද ප්‍රධාන කරුණු තුනක්‌ මූලික වශයෙන් හඳුනාගත හැකිය. එම කරුණු තුන නම්, පින් පව්, නැවත උපත හා මරණින් පසු ජීවිතය යි. මේ පිළිබඳ මූලික හා සරල අවබෝධයක්‌ ලබා ගැනීම ඉතාම වැදගත් වන්නේ බුද්ධ ධර්මයෙහි සඳහන් දාර්ශනික කරුණු හා වර්තමාන අත්දැකීම් පිළිබඳ හැදැරීමට එය අත්‍යවශ්‍යවන බැවිsනි.

පින් පව් පිළිබඳ විග්‍රහය

"පින්/ පුඤ්ඤ - සසර සැප විපාක ගෙන දෙන ක්‍රියා පින් නම්, පුඤ්ඤ කිරිය වත්ථු දහයක්‌ ධර්මයේ ඉගැන්වේ. දානය, ශීලය, භාවනාව, පින්දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම (වෙයHdවච්ච), පිදිය යුත්තන් පිදීම, දම් දෙසීම, බණ ඇසීම, දෘෂ්ටිය සෘජු කිරීම (නිවැරදි දැකීම) යනු යි. පින යනු සැපයට නමක්‌ බව පෙළ දහමෙහි දැක්‌වේ". (පාඨශාලයීය සද්ධර්ම කෝෂය. 170 පි, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2002)

"පාප- දුගතිගාමී වීමට, දුක්‌ විපාක ගෙනදීමට, සැපයෙන් පහවීමට හේතුවන ක්‍රියා පාප නම් වේ. පුඤ්ඤ යන්නට ප්‍රතිපක්‍ෂ වූ ක්‍රියාය".

(පාඨශාලයීය සද්ධර්ම කෝෂය, 168 පි., අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2002)

නැවත උපත පිළිබඳ විග්‍රහය

පුනරුත්පත්තිය

පුනර් යනු නැවත යන අර්ථයයි. උත්පත්තිය යනු උපතයි. නැවත උපත යන්න මෙහි වචනාර්ථයි. මේ වචනය පෙළ දහමෙහි යෙදී නොමැති නමුත් සසර පිළිගන්නා බෞද්ධයෝ පුනරුත්පත්තිය යන වචනය භාවිත කිරීමට පුරුදු වී සිටිති. පුනර්භව යන්න නිවැරැදි වචනය ලෙස දැක්‌විය හැකිය. පුනරුත්පත්තිය යන්නෙහි දී ආත්ම ධර්මයක පැවැත්මක්‌ අපේක්‍ෂා කෙරෙන බැවිනි.

උපනිෂද් චින්තනය සසරක්‌ දකින අතර එහි ආත්මය නැවත නැවතත් ශරීරයකට සම්බන්ධ වනබව උගන්වන බැවින් පුනරුත්පත්තිය යන ව්‍යවහාරය එම චින්තනයට ගැළපෙන්නකි.

පුනර්භව

නැවත වීම යනු මෙහි වචනාර්ථ යි. පුනර්භව යන ව්‍යවහාරය ප්‍රතීත්‍ය සමුත් පන්න ධර්මතාවට ගැළපේ. පුද්ගලයකු මරණයට පත්වන අවස්‌ථාවේ ඇති වන චුති චිත්තයට අනුරූප ව ප්‍රතිසන්ධී විඥනය ඇතිවීමෙන් නැවත භවයකට පැමිණීම පුනර්භවයයි. මේ ක්‍රියාවලිය පැහැදිළිව දැක ගත හැකිවන්නේ චුතුපපාත Æණයෙනි". (පාඨශාලයීය සද්ධර්ම කෝෂය, 171-172 පි., අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2002)

මරණින් පසු ජීවිතය පිළිබඳ විග්‍රහය

1. මා විසින් මෙසේ අසන ලදී. එක්‌ කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ, ෙ-තවන නම් අනේපිඬු සිටුහුගේ ආරමයෙහි වැඩවාසය කරනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ 'මහණෙනි' යි, භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කොට වදාළසේක. ඒ භික්‍ෂූහු 'පින්වතුන් වහන්සැයි' භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. මහණෙනි, යම්සේ දොරවල් සහිත ගෙවල් දෙකක්‌ වෙත්ද එහි ඇස්‌ ඇති පුරුෂයෙක්‌ මැද සිටියේ ගෙට ඇතුළු වන්නාවූද, ගෙයින් පිටවන්නාවූද, හැසිරෙන්නාවූද, ඔබමොබ යන්නාවූද, මිනිසුන් දකින්නේද, මහණෙනි ඒ පරිද්දෙන්ම මම චුත වන්නාවූද, උපදින්නාවූද, හීණ වූද, ප්‍රණීත වූද, යහපත් වර්ණ ඇත්තාවූද, අයහපත් වර්ණ ඇත්තා වූද, සුගතිවලට පැමිණියාවූද, දුගතිවලට පැමිණියා වූද, කර්මය වූ පරිදි පැමිණියා වූ සත්වයන් පිරිසිදු, මිනිස්‌ ඇස ඉක්‌ම පැවැත්තා වූ දිවැසින් දකිමි".

(දේවදූත සූත්‍රය)

ඉහත සඳහන් උපුටා ගන්නා ලද විග්‍රහ ඇසුරෙන් පින්පව්, නැවත උපත හා මරණින් පසු ජීවිත පිළිබඳ මූලික අවබෝධය ඇතිකර ගැනීමට පුලුවන.

වර්තමාන අත්දැකීම් පිළිබඳ විග්‍රහය

වර්තමාන අත්දැකීම් ලෙස මෙහිදී අදහස්‌ කරනුයේ මෑත භාගයේ ලෝකයේ ජීවත් වූ සුවිශේෂ පුද්ගලයන් විසින් ඉහත සඳහන් කරන ලද කරුණු තුන පිළිබඳ ලබා ගත් පෞද්ගලික අත්දැකීම් සමූහයකි. එම පුද්ගලයන් තුළ දක්‌නට ලැබුණ සුවිශේෂ හැකියාවන් නිසා ඔවුන්ගේ අත්දැකීම් ද බොහෝ වැදගත් තොරතුරු ලෙස සැලකිය හැක. උදාහරණයක්‌ ලෙස පින් පිළිබඳ එඩ්ගා කේ. සී. විසින් ඉදිරිපත් කරන ලද ඇතැම් සංසිද්ධීන් බොහෝ සේ සාකච්ඡාවට ලක්‌ වෙයි. විසිවන සියවසේ ඇමරිකා එක්‌සත් ජනපදයේ විසූ එඩ්ගා කේ. සී. ස්‌වයං මෝහනයෙන් වෛද්‍ය ප්‍රතිකාර කළ අතිවිශේෂ පුද්ගලයෙකි. ඔහු තුළ තිබූ සුවිශේෂ ලක්‍ෂණය නම් භෞතික වෛද්‍ය ප්‍රතිකාර නියම කිරීමට අමතරව රෝගියාගේ අතීත ජන්ම පිළිබඳ විස්‌තරයක්‌ ද ඉදිරිපත් කිරීම යි. මේ නිසා බොහෝ සුව කළ නොහැකි රෝගවල නිධානය අපට නොපෙනෙන උපතක කිසියම් ක්‍රියාවක්‌ යෑයි පැහැදිලි කරගත හැකි විය. ඒ අතර පින් පලදීම නිසා උසස්‌ තත්ත්වයන්ට පත්වෙන බව ද ඔහු විසින් පන්වා දෙන ලදී. නිව්යෝර්ක්‌ නගරයේ විසූ නිරුපිකාවකගේ විස්‌තරය මෙහි දී ඉතා වැදගත් කොට සැලකිය හැක.

"මේ වනාහී නිය පොලිෂ්, අත් සේදීමේ දියර හා ස්‌වර්ණාභරණ විකුණන්නන් විසින් වෙළෙඳ දැන්වීම් සඳහා යොදා ගැනීමට මහත් උනන්දුවක්‌ දැක්‌වූ. ඉතාමත් ම අසාමාන්‍ය වූ ලස්‌සන අත් තිබුණු නිව්යෝර්ක්‌ නගරයේ විසූ නිරූපිකාවකගේ සිත් ඇදගන්නා සුලු සිද්ධිය යි. ඇගේ ලස්‌සනට හේතුවූ කර්මයට පදනම වැටුණේ. ඇය ඉංග්‍රීසි කන්‍යාරාමයක තාපසියක්‌ ලෙස ගත කළ මීට ප්‍රථම ආත්මභාවයේ දීය. අනික්‌ අය පහත් හා අප්‍රසන්න දේ ලෙස සලකනු ලැබූ කටයුතු තම අත්වලින්ම කරමින් ඇගේ ජීවිතය ගෙවා දැමුණි. අතිශය කැපවීමෙන්, පරාර්ථකාමී ව, සේවාවක්‌ ලෙස ඇය මෙම දේවල් කළ අතර, කෙසේ වුවද ඇගේ මෙම ආධ්‍යාත්මික කැපවීම කරණකොට ගෙන අසාමාන්‍ය රූසපුවක්‌ හා ලස්‌සන අත්යුගලක්‌ ඇයට උරුමවිය."

වර්තමාන අත්දැකීම් ඇසුරෙන් පව හා පව්වල විපාක ලැබෙන ආකාරය විමසා බලන විට සෑම අයෙකුම බොහෝ සේ පවට බිය විය යුතු බව කිවයුතුය. පව්වල විපාක එතරම් ම බියකරු බව අප සිහියේ තබාගත යුතුය. මේ සම්බන්ධයෙන් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින් සිදුකරන ලද සමාජ විද්‍යාත්මක පර්යේෂණ අතිශයින් ම වැදගත්ය. එක්‌ අවස්‌ථාවක එතුමා ඌරු පැටවුන් හදා වඩා විකිනූ මිනිසකු පිළිබඳ අධ්‍යයනයක්‌ කළේය. මේ මිනිසා ඌරන් හැදූ අතර හෝටල්වල ඉතිරිවූ ආහාර රැගෙන විත් උන් පෝෂණය කළේය. එක්‌තරා ඊරියක ඔහු පසුපස නිතර යන්නට පුරුදු වූ අතර උගේ පැටවුන් ද ලොකු කර මරා මස්‌ විකුණු මුදල් වලින් තවත් ඌරු පැටවුන් මිලට ගෙන ඔහු ජයටම මේ ඌරන් මැරීමේ රැකියාව කරගෙන ගියේය. ඔහු ඌරන් මැරුවේ ගෝනියක දමා පොලුවලින් පහරදී තලාපෙලාය. ඒ සඳහා බල්ලන් දෙදෙනකු ද ඔහුට උදව් වූ අතර එම සතුන් මරණ විට උන්ගේ කෑ ගැසීම සැතපුමක්‌ දෙකක්‌ දුරට ඇසිණි.

"ඌරන් ඇතිකරන මිනිහා හදිසියේ ඔත්පල විය. තමාට කවුරුන්හෝ පොල්ලකින් පහර දෙන්නාක්‌ මෙන් දැනෙන බව හේ කීය. ඔහුට නිදාගත නොහැකි විය. නිදාගත් වහාම හේ අවදිවෙයි. මේ ඌරන් මාව කනවා මාව බේරා ගන්න යෑයි කෑගසයි. ඔහුට අසනීපය හැදුනාට පසු ගොවිපලේ ඌරන් නැතිවිය. ඒත් ඔහුට හීනෙන් ඌරන් පෙනේ.

දවසේ නැගිට සිටින වේලාවේත්, ඔහු ඌරන්ට බිය වී කෑගසයි. 'මෙන්න මේ ඌරෝ මාව ගෝනියක දාගෙන ගහනවා· යයි කියයි. 'මූ මට පිහියෙන් අනින්න යනවා· යෑයි ගෝරනාඩු දෙයි".

(මේ ජීවිතයේදීම පලදෙන කර්මය, 12 පි., ආරිය ප්‍රකාශකයෝ, 2011 මාර්තු)

"මාස කීපයක්‌ ම දුක්‌ වින්ද ඔහු අවසාන දින කීපය ඉතා උග්‍රවේදනාවෙන් කෑ ගැසුවේය. ඔහු මිය ගියේ මෙසේ බලවත් වේදනා විඳීමෙන් පසුවය. ඔහු නැගූ වේදනා හඬ ඌරන් නැගූ හඬට සමාන බව මිනිස්‌සු කීහ."

(මේ ජීවිතයේදීම පලදෙන කර්මය, 13 පීá ආරිය ප්‍රකාශකයෝ, 2011 මාර්තු)

කෙසේ වුවද කර්මය වනාහී මේ ආත්මභාවයේදීම පලදෙන එකක්‌ම නොවන බවත් එය බූමරංගයක්‌ මෙන් තමන් පසුපස එන බවත් වර්තමාන අත්දැකීම් ඇසුරින් බටහිර චින්තකයෝ පවා අවබෝධ කරගෙන සිටිති. මේ නිගමන සඳහා වඩාත් පැහැදිළි නිදසුන් ඉදිරිපත් කළ අයෙකු ලෙස එඩ්ගා කේසි නම් කළ හැකිය. ඔහුගේ ස්‌වයං මෝහන හැකියාවෙන් අසරණ ලෙඩුන් සිය ගණනකට සම්පූර්ණ සුවය ලැබුණා පමණක්‌ නොව තවත් දස දහස්‌ ගණනකට කර්මය පිළිබඳ යථාර්ථය අවබෝධ කරගැනීමට ඔහුගේ මෙම ජීවිත කියවීම් ඉවහල් විය. මේ පිළිබඳ ඉතාමත් ම සිත්ගන්නා සුලු නිදසුනක්‌ මෙසේය.

"මෙබඳු කර්මවලට නිදර්ශන රාශියක්‌ කේසිගේ වාර්තාවල තිබේ. එක්‌ උදාහරණයක්‌ නම්, "මනසේ හාස්‌කම්" නම් කේසි පිළිබඳ ගුවන් විදුලි වැඩසටහනක්‌ ශ්‍රවණය කළ සම්පූර්ණයෙන් ම අන්ධ ව උපන් විද්‍යාලයක මහාචාර්යවරයෙක්‌ය.

ඔහු කායික කියවීමක්‌ ඉල්ලා සිටි අතර, එහි උපදෙස්‌ මත ක්‍රියා කිරීමෙන් සෞඛ්‍ය තත්ත්වය හා ඇස්‌වල පෙනීම පැහැදිළිව ම වැඩිදියුණු විය. අස්‌ථිවේදී සැකසීම්, විද්යුත් ප්‍රතිකර්ම හා ආහාරයේ වෙනස්‌කම් ඊට ඉවහල් විය. මාස තුනක්‌ ඇතුළත ඔහුගේ වම් ඇසේ සියයට 10 ක පෙනීමක්‌ ඇති විය. එය අක්‍ෂි විශේෂඥයන් විසින් බලාපොරොත්තු තැබිය නොහැකියෑයි සලකන ලද එකකි. මහාචාර්යවරයාගේ ජීවිත කියවීම පෙර ජීවිත හතරක්‌ සඳහන් කොට තිබුණි. එකක්‌ ඇමෙරිකාවේ අභ්‍යන්තර යුද සමයේදීය. තව එකක්‌ කුරුස යුද්ධ කාලයේ ප්‍රංශයේය. අනෙක ක්‍රි.පූ. 1000 දී පර්සියාවේ වන අතර ඊළඟ එක අවසාන ගිලාබැසීමට පෙර අත්ලන්තික්‌ දූපතේය. ඔහුගේ වර්තමාන අන්ධභාවයට හේතු වූ ආධ්‍යාත්මික කර්ම ක්‍රියාව සිද්ධ කරන ලද්දේ පර්සියාවේදීය. සතුරන්ගේ ඇස්‌ රත්වූ යකඩවලින් අන්ධ කළ ම්ලේච්ඡ ගෝත්‍රයක සාමාජිකයකු වූ ඔහුගේ කාර්යය වූයේ ඇස්‌ අන්ධ කිරීමයි". (many mansions, p.50 - 51 Neville Spearman, 1983) කයින්, වචනයෙන් හා මනසින් කරන්නා වූ බලවත් අකුසල ක්‍රියා නිසා උත්තරීතර මිනිස්‌ ආත්මභාවයෙන් පිරිහී තිරිසන්, ප්‍රේත හෝ නිරය යන තැන්වල බොහෝ වර්තමාන මිනිසුන් උත්පත්තිය ලබන බව ඇතැම් භික්‍ෂුන් වහන්සේලා ලැබූ වර්තමාන අත්දැකීම්වලින් මනාව පැහැදිලි වේ. මේ ඒ සඳහා හොඳ උදාහරණයකි.

"එක මනුෂ්‍යයෙක්‌ ජීවත් වුණා බොහෝම ඈත දුරබැහැර ගම් ප්‍රදේශයක. සමාජයේ හොඳින් ජීවත්වන දරු මුණුපුරන් ඇති තාත්තා කෙනෙක්‌. මොහු මියයන විට අවුරුදු අනූවක්‌ විතර ඇති. මොහු බොහෝ හොඳින් ගමේ ජීවත් වුන කෙනෙක්‌. ගමේ පන්සලට උපකාර කළා, උදව් කළා. නමුත් මොහුගේ අවාසනාවට මොහු මියයැමට වසර තුනකට පෙරාතුව මේ පුද්ගලයා ගමේ පන්සල සමඟ කුමක්‌ හෝ හේතුවක්‌ නිසා අමනාප වෙනවා. හේතුව කුමක්‌ද කියන්න භික්‍ෂුව දන්නේ නැහැ. එදා පටන් මේ වයසක මනුෂ්‍යයා මොකද කරන්නේ හාමුදුරුවන්ට බනිනවා. පන්සලට බනිනවා. පුදුමාකාර වෛරයක්‌ ඇතිකර ගත්තා. මේ වෛරය, ඊර්ෂ්‍යාව නිසාම ඔහු සීලයෙන් පිරිහුණා. එක සිල්පදයක්‌ ගිලිහෙන කොට අනෙක්‌ සිල්පදත් ගිලිහෙන්න පටන් ගත්තා. මේ හේතුව නිසාම වයස අවුරුදු අනූවක්‌ වුණත් මොහු තුළ කාම සිතුවිලි ඇති වුණා. තමාගේ වැඩිහිටි බව නිසා තමාගේ දෙපතුළ ළඟ වැඳ වැටුණ කාන්තාවකගේ පවා අතින් අල්ලන්නට තරම් මොහු තුළ සිල්පදවල හීනභාවයක්‌ ඇතිවුණා. ඊර්ෂ්‍යාවෙන් දිවෙමින් සිටියදීම මොහු මිය යනවා. භික්‍ෂුව අරමුණු කර බලනවා උතුම් සමාධිය තුළ දී මොහු මරණින් පසු කොහේ නැවත උපත ලැබුවද කියලා. භික්‍ෂුවට දර්ශනය වෙන්නේ උතුම් සමාධිය තුළ දී කිඹුලෙකු ගේ කුසක්‌. ඒ කියන්නේ මොහු කිඹුල් බිත්තරයක එහෙම නැත්නම් කිඹුල් කුසක ප්‍රතිසන්ධිය ලබලා".

(මහරහතුන් වැඩිමග ඔස්‌සේ, අතහැරීම 3, 62-63 පි. චැනල් ලින්ක්‌ පුද්ගලික සමාගම, 2013 ජුනි).

ඉහත සඳහන් කරන ලද වර්තමාන අත්දැකීම්වලින් මනාව ප්‍රකට වනුයේ බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් දෙසන ලද කර්මයේ ස්‌වභාවය හා නැවත උපත පිළිබඳ යථාස්‌වරූපයයි. අප විසින් සෙච්තනිකව සිද්ධ කරනු ලබන සියලු කර්ම පින් හෝ පව් බවට පත්වෙන බව මෙම අත්දැකීම්වලින් පැහැදිලි වෙයි. එම කර්ම එසේ වන්නේ සිතේ ඇතිවන කුසල් මූලික හෝ අකුසල් මූලික සිතුවිලි නිසා බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. කුසල් මූලික සිතුවිලි නම් පරිත්‍යාගය, මෛත්‍රිය හා Æණවන්ත භාවය යි. අකුසල් මූලික සිතුවිලි නම් ඉහත සඳහන් කරන ලද කුසල් මූලික සිතුවිලිවලට ප්‍රතිවිරුද්ධ ලෝභය, තරහ හා නොදන්නාකමයි. මෙම සිතුවිලිවලට අනුව අප සිදුකරන ක්‍රියාවන් කර්ම බවට පත්වී පින් හෝ පව් ලෙස පලදෙන බවත්, ඒ අනුව ඊළඟ උපත සකස්‌වෙන බවත් වටහා ගැනීමට අපහසු නැත.

සත්ත්වයාගේ මරණින් පසු ජීවිතය, නැවත උපතත් සමඟම සකස්‌ වන්නක්‌ බව තේරුම් ගැනීම ඉහළ බුද්ධියක්‌ සහිත මනුෂ්‍යයන් වශයෙන් ඔබ අප සැමට වැදගත්වන බව තේරුම් ගත යුතුය. විශේෂයෙන්ම තමන් විසින් කරන ලද කුසල ක්‍රියා නිසා මරණින් පසු ජීවිතය වඩා උසස්‌ තත්ත්වයන්ට එනම් දිව්‍ය හෝ බ්‍රහ්ම ස්‌වභාවයන්ට පත්වේ. මෙබඳු තත්ත්වයන් පිළිබඳව තමන් ලත් අත්දැකීම් මැනවින් විස්‌තර කළ මහෝත්තමාවියක්‌ ලෙස විසිවන සියවසේ තායිලන්තයේ වැඩ විසූ සිල්මාතාවක්‌ වන කායිම් මාතාව හඳුන්වා දීමට පුලුවන. බුද්ධංගල භික්‌ඛු ආනන්ද හිමියන් විසින් පරිවර්තනය කරන ලද කායිම් මැණියන්ගේ චරිත කතාවට අනුව මෙතුමිය රහත් ඵලයට පත් වූ උත්තමාවියකි. ඇය එම තත්ත්වයට පත්වීමට පෙර අවුරුදු දහයක්‌ පමණ කාලයක්‌ සමාධි බලයෙන් විවිධ තලවල වෙසෙන භූත, ප්‍රේත, දේව හා බ්‍රහ්ම සත්ත්වයන් සමඟ අදහස්‌ හුවමාරු කර ගත්තාය. ඒ උත්තමාවියගේ ධ්‍යාන බලය පිළිබඳ විස්‌තරයක්‌ මෙසේය.

"සිල්මාතා කායිව්ගේ සමාධි භාවනාව වෙනත් උසස්‌ ලෝකෝත්තර දර්ශන පථයන්ට ද ඇයව සම්බන්ධ කොට හඳුන්වා දුණි. සමහර විටක ඇගේ විඥනය කයෙන් ගිලිහී ඉවතට යයි. එසේ ඉවතට යන ඇගේ විඥනය නා නා දිව්‍ය ලෝක සහ විවිධ වර්ගයේ බ්‍රහ්ම ලෝක ආදී තලයන්හි ගවේශනයක යෙදෙයි. ඇය දේව නමින් හඳුන්වන ඉතා සියුම් ව සකස්‌ වුණු විවිධ අද්භූත ජීවීන් හමුවීමට ද ගියාය.

මෙම දේව නමින් හඳුන්වන ජීව කොට්‌ඨාසය, දිව්‍යමය ආධිපත්‍යයක අතිශයෙන් සියුම් වූ පිරිසිදු තත්ත්වයකින් පෙර යහපත් කර්ම විපාක හේතුවෙන් වාසනාවන්තව ප්‍රීතියෙන් වෙසෙන ජීව කොටසකි. ඇය භූමාට දෙවිවරු හමුවූවාය. එනම් - ගස්‌වලට, වනාන්තර වලට, තරුවදුලුවලට අධිගෘහිත ආලෝකවත් දෙවිවරුය. මොවුන් පෘථිවි තලයට අතිශයින් ඇල්මෙන් සම්බන්ධ වූ ජීවීන් නිසා එසේ ඉපදී ඇත. මෙම දෙවිවරු සාමාන්‍ය මනුෂ්‍ය ඇසට නොපෙනුණ ද සිල්මාතා කායිව්ගේ දිවැසට ඔවුන් පැහැදිලි ව පෙනුණි. මෙම දේව කොට්‌ඨාසය හැම මොහොතකම ඉන්ද්‍රියන් පිනවමින් සතුටින් තෘප්තිමත් ව හැසිරෙන ජීව කොටසක්‌ ලෙසින් සිල්මාතා කායිව් දුටුවාය. මෙම අතිශය ප්‍රීතිමත් ස්‌ථාවරය ඔවුන් රැස්‌ කළ පින් හේතුවෙන් ලද තත්ත්වයන් ය. මොවුන් මිනිසුන් ව සිටිය දී බොහෝ පින් රැස්‌කර සිල්රැක, භාවනාකර එකතු කරගත් කුසල්වල විපාක හේතුවෙන් ලද දිව්‍ය ආත්මයන් ය. මේ දේවතාවන්ගේ පින් මහිමය කෙසේවුවත් එම දේවත්වයෙහි ම දිගින් දිගටම රැඳී සිටිමින් අලුතින් කර්ම රැස්‌ කිරීමට ඇති අවස්‌ථා අල්ප විය. දේවත්වයේ රැඳී සිටීමට පාදක වූ මූලික කුසල් විපාක තුනී වී අහෝසි වූ පසු, නැවත මනුෂ්‍ය ලෝකයේ උපත ලැබ කුසල් රැස්‌කර ගැනීමට අවස්‌ථාව ඇත." (සිල්මාතා කායිව්, 93 - 94 පී. සී/ස කරුණාරත්න සහ පුත්‍රයෝ සමාගම, 2011 ඔක්‌තෝම්බර්)

මරණින් පසු ජීවිතයේ අත්විඳීමට සිදුවන අකුසල විපාක එම කාලය තුළ කරනු ලබන කුසල් ක්‍රියාවලින් යම්තාක්‌ දුරකට හෝ වෙනස්‌ කළ හැකි බව මේ පිළිබඳ දක්‌නට ලැබෙන වර්තමාන අත්දැකීම්වලින් පැහැදිළි වේ.

සමස්‌තයක්‌ වශයෙන් ගත් කල බහුතරයක්‌ මනුෂ්‍යයෝ තමන්ගේ වර්තමාන ජීවිතය වඩාත් සැපවත් බවට පත්කර ගැනීම සඳහා වෙහෙස වෙති. නමුත් මරණින් පසු තමන්ට උරුමවන ජීවිත ස්‌වභාවය මොනවගේ දැයි බොහෝවිට ඔවුහු කල්පනා නොකරති. විශේෂයෙන්ම බෞද්ධයන් ලෙස මේ ලෝකයේ උත්පත්තිය ලබා සසර හා කර්මය පිළිබඳ වැටහීමක්‌ ලබා ගැනීමට හැකියාව තිබෙන අය වුවත් මෙසේ පටු ආකල්ප වල ගැලෙමින් තමන්ගේ අනාගත ජීවිතය විනාශකර ගැනීම අතිශයින්ම ශෝක ජනකය, බොහෝ දෙනා මෙම ලෞකික ජීවිතය තුළ සැප සොයමින් මිරිඟුව පිටුපස දුවන මුවන් සේ වෙහෙසටපත් ව, අවසානයේ අපේක්‍ෂා භංගත්වයෙන් ම මරණයට පත් වන අතර නරක, ප්‍රේත, අසුර හෝ තිරිසන් අපායවල උත්පත්තිය ලබා ගනිති. මේ නිසා මෙම කෙටිකාලීන මනුෂ්‍ය ජීවිතය තුළ අසීමිත ලෙස අකුසල් සිද්ධ කරගෙන අවසානයේදී කල්ප ගණන් දුගතියේ දුක්‌ විඳිනවාද, නැතහොත් වැඩිපුර පින් රැස්‌කරගෙන මරණින් මතු ජීවිතය හැකිනම් ධර්මාවබෝධයෙන් කෙළවර කර ගන්නවාද, එසේත් නැත්නම් සුගතිගාමී වෙනවාද යන්න තීරණය ගත යුත්තේ තම තමන් විසිනි. සත්ත්ව ජීවිතවල යථා තත්ත්වය තේරුම් ගැනීමට මීට වඩා නිදසුන් අවශ්‍ය නොවන බව නිසැකවම පැවසිය හැකිය.
 

බෞද්ධ මනෝවිද්‍යාව යනු කුමක්‌ද What is Buddhist Psychology?

බෞද්ධ මනෝවිද්‍යාව යනු කුමක්‌ද
What is Buddhist Psychology?


මනෝවිද්‍යාව මෙන්ම බුදුදහමද මනස මත පදනම් වූ දර්ශනයකි. නූතන මනෝවිද්‍යා නිර්වචනයන් හා එකඟ වන බුදුදහම ඒ හා සමානම නිර්වචනයන් දැක්‌විය හැක. විශේෂයෙන් හැසිරීම හා මනස බුදුදහමේද ප්‍රධාන සංකල්පයන්ය. "චිත්තෙන නීයති ලොකො" සිත විසින් ලෝකය මෙහෙයවනු ලබන බවත් "මනෝ පුබ්බංග මා ධම්මා" මිනිස්‌ මනස සියල්ලම පෙරටුකොට සිටින බවත් "චෙතනාහං භිCඛවේ කම්මං වදාමි, චෙතයිJවා කම්මං කරොති කායෙන වාචාය මනසාය" සියලුම කායික වාචසික මානසික යන සියල්ලටම මනස බලපාන බව මෙහි අදහසයි. සිතීම මානසික ක්‍රියාවලියක්‌ වන අතර එය සියලුම කායික ක්‍රියාවලටද බලපෑමක්‌ ඇති කරයි. බුදුදහමෙහි ත්‍රිපිටකය කියවන විට එහි ඇති මනෝවිද්‍යාත්මක අන්තර්ගතයන් විශේෂයෙන්ම සෑම තැනකම පාහේ සොයා ගත හැකිය. විශේෂයෙන් ථෙරගාථා ථෙරිගාථාවලදී මානසික පීඩනයන්ගෙන් සහ ආතතියෙන් වෙලී සිටි භික්‍ෂු භික්‍ෂූණීන් ඉතා උද්දාමයෙන් ප්‍රීතියෙන් යුතුව බුදුදහම නිසා එයින් මිදුන ආකාරයද දක්‌වා ඇත. එසේම ජාතක කථාවලද මනෝවිද්‍යාත්මක ලක්‍ෂණද මනෝචිකිත්සක ලක්‍ෂණද මනෝප්‍රතිකාරද ඉතා පැහැදිලි ලෙස දැක්‌විය හැක. දොස්‌තර D. V. J. Harischandra ලියා ඇති Phychiatric Aspects of Jataka Stories යන පොතෙහි ඒ සියලුම කරුණු තාර්කිකව ද සංසන්aදනාත්මකවද විස්‌තර කර ඇත. එහිදී මනෝචිකිත්සක අපිළිවෙලවල් ප්‍රතිකාර අෙච්තනික මනසට බලපෑම් කරන කරුණු ජාතක කථා මුල්කරගත් ප්‍රතිකාර ක්‍රම පොතක සඳහන් ප්‍රතිකාර ක්‍රම Psychodrama මනෝමය නාට්‍යය යනාදිය එම පොතෙහි ඉතා ක්‍රමවත්ව විග්‍රහ කර ඇත. D. V. J. Harischandra පොතට පෙරවදනක්‌ ලියන Dr. D. N. Athukorale බුදුදහමෙන් පෙන්නුම් කරන මනෝවිද්‍යාත්මක, මනෝචිකිත්සක ක්‍රම පැහැදිලි ලෙස දක්‌වා ඇත.

"ජාතක කථාවල ඇති මනෝරෝග අපිළිවෙල ගැන කියවීමට ලැබීම අප මවිත කරවන සුළුය. බJධනමොක්‌ඛ, සමුග්ග ජාතකයන්හි එන තම සහකරු / සහකාරිය පිළිබඳ ඊර්ෂ්‍යාව උම්මග්ග, කුස, මට්‌ටකුණ්‌ඩලී ජාතක කථාවල එන ශෝක ජනක ප්‍රතික්‍රියා, ගුත්තිල ජාතකයෙහි ආත්ම අභිමානය ගිලිහීමෙන් සියදිවි නසා ගැනීමේ හැඟීම් පහළවීම, මට්‌ටකුණ්‌ඩලී ජාතකයේදී වේදනාව පිළිබඳ රෝග ලක්‍ෂණද, කමනී සහ කේසව ජාතකවලදී මනෝජ අතීසාරයද පෙන්නුම් කරති. මානසික ඌණ වර්ධනය පිළිබඳ ලක්‍ෂණ අචරී සහ නන්ගුලීස ජාතක වලින්ද පෙන්නුම්කරති. අද කාලයේ වඩාත් ප්‍රචලිත ලිංගික ළමා අපචාර ලක්‍ෂණද විස්‌තරාත්මකව චුල්ල නාරද සහ පරන්තප ජාතක වලින්ද දක්‌වයි. ලිංගිකත්වයේ ප්‍රශ්නද, ලිංගික අනන්‍යතාවද, විවිධ ලිංගික ආශාවන්ද උයද භද්ද සහ උම්මග්ග යන ජාතක වලින්ද අධික ලිංගික ආශාවන් කුනාල ජාතකයෙන්ද පන්නික සහ සෙග්ගු ජාතක වලින් පෙන්වන්නේ නෑයන් සමග මෙවුන්දමෙහි යෙදීම වන අතර ඉතිපිසෝ ජාතකයේදී දැක්‌වෙන ආකාරයට ස්‌ත්‍රී පුරුෂයන්ගේ විවිධ ලිංගික ආශාවන්ද දැක්‌විය හැක. මෙවැනි ගැඹුරුවූත් සංවේදීවූත් මාතෘකා මෙම ජාතක කථාවල ගැබ්ව ඇත.

එසේම ප්‍රාර්ථනාවන් දෙකක්‌ ඔහුගේ පොතෙහි සඳහන් කර ඇත. ජාතක කථා පුනර්භවය පිළිගනී. මනෝචිකිත්සකයින් පුනර්භවය පිළිගත්තද නැතද මගේ පළමුවන අපේක්‍ෂාව පුනර්භවය සිද්ධාන්තයක්‌ නම් අනාගත සෑම පුනර්භවයකම මා නැවත ඉපදිය යුත්තේ මනෝචිකිත්සකයකු වීමටය. මගේ දෙවන අපේක්‍ෂාව ඔබද නැවත උපදින්නේ නම් ඔබ සෑම කෙනකුටම මගෙන් උපදෙස්‌ ලබාගැනීමට හැකි නොවේවා යන්නයි."

එසේම සමහර ජාතක කථාවල එන සංකීර්ණ ලිංගික ප්‍රශ්න ප්‍රොයිඩ් සඳහන් කළ ඔඩිපස්‌ සංකීර්ණයන් හි සහ ඉලෙක්‌ට්‍රො සංකීර්ණයන් හා සමාන වන බව අවධාරණයෙන් යුතුව පැවැසිය හැක. ප්‍රොයිඩ් විසින් ලියන ලද "The interpretation of Dreams" සිහින අර්ථකථන යන පොතෙහි ඇති කරුණුත් ජාතක පොතෙහි ඇති සිහින අර්ථකථනත් බොහෝ සමානතාවක්‌ දක්‌වයි. මහා සුපින ජාතකය උම්මග්ග ජාතකය ඉතා හරවත් ලෙස සිහින අර්ථ කථනයන් දක්‌වා ඇත. එසේම දරීමුඛ ජාතකයේදී මනෝචිතිත්සක අපිළිවෙල අටක්‌ දක්‌වා ඇත.

1. කාමඋන්මාදය

2. ක්‍රෝධ උන්මාදය 

3. දර්ශන උන්මාදය

4. මෝහ උන්මාදය

5. යක්‍ෂ උන්මාදය

6. පිත උන්මාදය

7. සුර උන්මාදය

8. ව්‍යසන උන්මාදය

භික්‍ෂු ජගදීප් කශ්‍යප් ප්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදය ගැන බෞද්ධ නිර්වචනය යන්නෙන් ලිපියක්‌ ලියමින් ප්‍රොයිඩ් මනස ගැන කියන ලද සංකල්පයන් බොහොමයක්‌ම බෞද්ධ සංකල්පයන් සමග මනාව ගැලපෙන බව දක්‌වා ඇත. Buddhsit Conception of mind is wonderfully parallel to the psychoanalysis of Dr. Freud මනස පිළිබඳ බෞද්ධ සංකල්පය මනෝවිද්‍යාඥ ප්‍රොයිඩ්ගේ විශ්ලේෂණවාදය හා මනාව ගැලපේ.

දීඝ නිකාය මහා සතිපට්‌ඨාන සූත්‍රයට අනුව කය ගැන ප්‍රායෝගිකව මෙනෙහි කිරීම තුළින් මනෝභෞතිකමය සැනසීමක්‌ එසේම ස්‌ථාවර අවධියකුත් ඇති කරවයි. සෙච්තනිකත්වය වැඩිහිටි පරීක්‍ෂකයකු නම් අෙච්තනිකත්වය අකීකරු ළමයකු වන අතර එම ළමයා මැඬ ක්‍රියා කළ යුතුය. චිත්තානුපස්‌සනාව මගින් වෙන අයකු වෙත නොගොස්‌ එමගින් හැසිරීම තමා විසින්ම විශ්ලේෂණය කරගන්නා අයුරු දක්‌වයි. එමගින් තමා විශ්ලේෂණය කර ගැනීමට උනන්දුවේ. ශක්‌තිමත් දැකීමක්‌ තුළින් ගැඹුරු දැක්‌මක්‌ ඇති කරගෙන ඒ තුළින් සිත තුළට යා හැක. දීඝනිකායේ සතිපට්‌ඨාන සූත්‍රයේ බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලද තාක්‍ෂණික ක්‍රම මගින් අද කාලයේ ප්‍රොයඩියානු මනෝවිශ්ලේෂණවාදය හදාරණ පර්යේෂකයන්ට විශාල වශයෙන් වාසි ලබාගත හැකි බවට සැකයක්‌ නොමැත.

බුදුදහමෙහි මනෝවිද්‍යාත්මකව බැලිය හැකි ප්‍රධානම පැත්ත නම් අභිධර්මයයි. අභිධර්මයෙහි සිතෙහි සියලුම ප්‍රභේදයන් මනාව විග්‍රහ කරන අතර එහි සංකීර්ණයත්වයද පැහැදිලි ලෙස පෙන්වා දී ඇත. එහිදී චිත්ත චෛතසික රූප නිබ්බාන ලෙස පරමාර්ථ ධර්ම කරුණු 4 ක්‌ තුළ විස්‌තර කිරීමට යෙදෙයි.

එසේම බුදුදහමෙහි ප්‍රධාන ධර්ම සංකල්ප අතර චතුරාර්ය සත්‍ය අනිවාර්යෙන්ම මනෝවිද්‍යාත්මක ලක්‍ෂණයන්ගෙන් යුතුවූවකි. දුක, දුක ඇතිවීමේ හේතුව, දුක නැති කිරීම, දුක නැති කර ගැනීමේ මාර්ගය එහිදී විස්‌තර කර ඇත. දුක යනු මානසික ක්‍රියාදාමයක්‌ වන අතර දුක විස්‌තර කරනුයේද මිනිස්‌ අත්දැකීම් ආශ්‍රයෙනි. "ජාතිපි දුCඛා ජරාපි දුCඛා ව්‍යාධි දුඛා මරණම්පි දුඛා අප්පියෙහි සම්පයෝගෝ දුඛා පියෙහි විප්පයෝගො දුඛා යම් පච්ඡං න ලබති තංපි දුඛං" ඉපදීම නිසා සියලුම මානසික රෝග ලෙස දුක්‌ ආදිය සෑම කරදරයක්‌ම ඇතිවේ. එමනිසා බුදුදහමේ පරම අපේක්‍ෂාව නම් නැවත ඉපදීමට හේතුවන තෘෂ්ණාව නැතිකර නිවන ලබාගැනීමයි. ඉපදීම නිසා ජරාවට රෝගාබාධවලට ගොදුරුවේ. එ සියල්ලම දුක්‌ය. එසේම අපි අකැමැති අය සමග ආශ්‍රයට ලැබීමද කැමැති අය අපගෙන් වෙන්වීමද බලාපොරොත්තු දෑ නොලැබීමද යන සියලු දේ දුක්‌ය. කෙටියෙන් ගත්කළ මුළු පඤ්චස්‌ඛන්ධයම දුකක්‌ය. "සංත්තේන පඤ්චුපාදානාCඛJධා දුCඛා" පඤ්චස්‌ඛධයනම් රූප, වේදනා, සඤ්, සංඛාර, විඤ්න යනුයි. එසේම අද කාලයේ බොහෝ සියදිවි නසා ගැනීම්වලටද හේතු වී ඇත්තේ ඉච්ඡාභංගත්වයයි. ඉච්ඡාභංගත්වය චණ්‌ඩභාවයට පෙළඹෙන අතර එමගින් විසඳුම් නොලැබීම තුළින් සියදිවි නසාගැනීම දක්‌වා දිවෙයි. එසේම දුක නැතිකර ගැනීමටද බුදුන්වහන්සේ ආර්ය මාර්ගයක්‌ පෙන්වා දී ඇත. එනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. යහපත් දැකීම, යහපත් සංකල්පනාවන්, හොඳ වචන, හොඳ කර්මාන්ත, යහපත් දිවි පැවැත්ම, යහපත් උත්සාහය, හොඳ සිහිය සහ සමාධිය යනු මේ වැදගත් අංග අටයි. එසේම යහපත් ලෙස සිහිය පවත්වා ගැනීමට නොහැකිවීම තුළින් සමාජානුයෝජනයේදී ප්‍රශ්න ඇති වන අතර සමාධිය නැතිවීම තුළින් සමාජ මනෝවිද්‍යාවට අනුව සමාජ විරෝධි පෞරුෂFව ලක්‍ෂණද ඇතිවීමට ද පුළුවන. මේ සෑම කාරණයක්‌ දිහාම තාර්කිකව බලන කල අපට හැඟෙන්නේ බුදුදහම තුළ මනෝවිද්‍යාත්මක අන්තර්ගතයන් විශේෂයෙන් පිළිබිඹු වන බවය.

අභිප්‍රේරණ සිද්ධාන්තයන්ද මනෝවිද්‍යාවේදී සාකච්ඡාවට ගැනෙන අතර බුදුදහම තුළද අභිප්‍රේරණ සිද්ධාන්ත දැකිය හැකිය.  දක්‌වා ඇත්තේ පුද්ගලයාට අවශ්‍යතා බොහොමයක්‌ ඇති බවය. විශේෂයෙන් මනෝවිද්‍යාඥ මස්‌ලෝට අනුව ඔහුගේ අවශ්‍යතාවන්ගේ පිළිවෙළ මෙසේය.

Need for Self actualizations

ආත්මාවබෝධය පිළිබඳ අවශ්‍යතාවය

Esteem needs

ආත්මාවභිමානනීය අවශ්‍යතාවය

Belongingness needs

Love needs

ආදරය සහ හැඟීම් සම්බන්ධ අවශ්‍යතාවය

Safety needs

ආරක්‍ෂාව පිළිබඳ අවශ්‍යතාවය

Physiological needs

ජීවවිද්‍යාත්මක අවශ්‍යතාවය
 

නිවන අවබෝධයට කැමති වෙමු


මේ ධර්මය අපි පුරුදුකර ගන්නෙ කොහොමද කියන එක මේ කොයි කාටත් තියෙන ගැටලුවක්. තමන්ගේ ගෙදර ෙÞරේ කටයුතු කරමින්, එහෙම නැත්නම් රැකි රක්ෂා ආදී කටයුතු කරමින් ධර්මය පුරුදු කරන්ට බැරි වෙයිද කියන බයක් සමහර අයට තියෙනවා.
"අපිට කාලයක් නැති වෙයිද? අපි ප්‍රමාද වෙලාවත් ද?" මේ විදිහට හිතෙන් කනගාටුව උපදවා ගන්න අයත් ඉන්නව. අපිට කනගාටු වෙන්ට දෙයක් නැහැ. අපිට දැන් ධර්මය මුණගැහිච්ච වෙලාවෙදි ධර්මයේ තියෙන ආකාරයට පුරුදු කරන්ට උත්සාහ කරන්ට ඕනැ. ඒ විදිහට ධර්මය පුරුදු කළොත් ඒකාන්තයෙන් ම ධර්ම මාර්ගයට එන්ට පුළුවන්, නිවන් මගට එන්ට පුළුවන්.
අපි ධර්මය පුරුදු කිරීමේදී, කුමක් පිණිසද මේ ධර්මය පුරුදු කරන්නෙ කියන දේ හොඳට දැනගන්ට ඕනැ. අපි හොඳින් ම තේරුම් ගත යුතුයි, භාග්‍යවතුන් වහන්සේ අපිට ධර්මය කියා දෙන්නේ නිවන අවබෝධ කිරීම පිණිස ම යි.
දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණගැහෙන්ට එක්තරා කෙනෙක් ඇවිල්ල අසා සිටියා, "පින්වත් සාරිපුත්තයන් වහන්ස, මේ 'නිවන නිවන" කියල කියනව මොකක්ද ඒ?" කියල.
ඊට පස්සෙ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනව, "රාගය ක්‍ෂය වීමක් ඇත්ද, ද්වේෂය ක්‍ෂය වීමක් ඇත්ද, මෝහය ක්‍ෂය වීමක් ඇත්ද, ඒක තමයි නිවන" කියන්නෙ කියල. ඒ කියන්නෙ යම් තැනක රාග, ද්වේෂ, මෝහ ක්‍ෂය වෙලා යනව නම්, සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනව නම්, ආයෙ නැවත හටගැනීමක් නැත්නම් එතන නිවන යි.
එතකොට නිවන අවබෝධ කරගන්ට නම් අපි කුමක්ද කළ යුත්තේ? රාග, ද්වේෂ, මෝහ ක්‍ෂය කරගැනීමට කටයුතු කරනට ඕනැ. රාග, ද්වේෂ, මෝහ ක්‍ෂය වන වැඩපිළිවෙළ අනුගමනය කළොත් යම් කලකදී රාග, ද්වේෂ, මෝහ ක්‍ෂය වෙලා ඒ උතුම් නිවන අවබෝධ කරන්ට අපිට පුළුවන්.
එතකොට අපි රාග, ද්වේෂ, මෝහ වැඩෙන, වර්ධනය වන වැඩපිළිවක් අනුගමනය කළොත්, නිවන් මඟ පෑදෙන්නෙ නෑ. නිවනට පැමිණෙන්ට බෑ. එහෙනම් හොඳට තේරුම් ගන්න ඒ භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දුන්නේ සියලු දුකින් නිදහස් වීම පිණිස ඇති ධර්මයක්. සියලු දුකින් නිදහස් වෙන්නෙ නිවන අවබෝධ කිරීමෙන්. නිවන කියල කියන්නෙ රාග, ද්වේෂ, මෝහ නිරුද්ධ වීමට.
එහෙම නම් අපි රාග, ද්වේෂ, මෝහ නිරුද්ධ වන වැඩපිළිවෙළයි අනුගමනය කරන්ට ඕනැ. පුරුදුකරන්ට ඕනැ. එතකොට ඒ වැඩපිළිවෙළ අනුගමනය කරන්නෙ අපි මේ එදිනෙදා ජීවිතය ගත කරද්දීමයි. දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි කාලෙදි ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස වුණේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවුවනක් පිරිස යි.
එතකොට භික්ෂු භික්ෂුණී විතරක් නෙවෙයි උපාසක උපාසිකාවොත් ඉන්නවා. උපාසක උපාසිකා පිරිස තමයි පිරිසක් වශයෙන් විශාල. එතකොට ඒ අය භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකත්වය උපදවා ගත්තා. කොටි ගණන් පිරිස් උපාසක උපාසිකාවන් විදිහට ධර්මය අවබෝධ කළා. නමුත් කාම භෝගී ජීවිතයක් ගත කරමින් සිටිය නිසා ඒ අයට ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන්ට ගතවෙන කාලය වැඩි වෙන්ට පුළුවන්. කාම භෝගී ජීවිතය අතහැරල භික්ෂු භික්ෂුණී බවට පත්වෙලා ධර්ම මාර්ගයට පැමිණි පිරිස වේගයෙන් නිවන අවබෝධ කළා.
නමුත් කාම භෝගී ජීවතයක් ගත කරමින් දරු මල්ලන්ගේ සම්බාධක මැද ජීවත්වුණ උපාසක උපාසිකාවන් හට, භික්ෂූන් වහන්සේලාට වඩා හෙමින් තමයි ඒ ධර්ම මාර්ගය පුරුදු කරන්ට පුළුවන් වුණේ. නමුත් ඒ අය නිවන අවබෝධ කරනවද නැද්ද? නිවන අවබෝධ කරනවා. මොකද යම් කෙනෙක් නිවන් මඟට පැමිණුනොත්, සෝතාපන්න තත්වයට පත්වුණොත්, සම්මා දිට්ඨිය ඇතිකර ගත්තොත් එයා ඒ නිවන් ම‍ඟෙන් බැහැර වෙන්නෙ නෑ. ඒ නිවන් ම‍ෙඟ් පිරිහීමකට පත්වෙන්නෙ නෑ. එයා නිවන් ම‍ෙඟ් ගමන් කරනවා ම යි.
එයාට ප්‍රමාදයක් ඇතිවෙන්ට පුළුවන්, නමුත් ඒ ප්‍රමාදය නිවන් ම‍ෙඟන් බැහැර කරන තරමේ භයානක ප්‍රමාදයක් නෙවෙයි. ඉතින් ඒකෙන් අදහස් වෙන්නෙ ප්‍රමාද වෙන්ට කියන එක නෙවෙයි. නමුත් නිවන් මඟට පැමිණීම අපේ ජීවිතයට විශාල ආරක්ෂාවක් ඇතිකරල දෙනව. ඒ නිසා මේ අය තමන්ගේ කටයුතු බහුලයි කියල, වගකීම් බහුලයි කියල, කාල වේලාව නෑ කියල කල්පනා කළොත්, නිවන් මඟට පැමිණෙන්ට තියෙන ඉඩකඩ හිතා මතා ම අහුරගන්ව.
ඒනිසා දැන් අපිට කොයි තරම් වැඩ රාජකාරි තිබුණත්, අපේ ජීවිතේ පිළිසරණ උපදවා ගැනීම අපි විසින් කළ යුතුමයි. ඒක හොඳට මතක තියා ගන්න. මතක තියා ගෙන නිවන අවබෝධ කිරීමේ බලවත් කැමැත්තක් උපදවා ගන්න. නිවන අවබෝධ කිරීමකින් තොරව මෙලොව අපිට ලබන්ට තියෙන සැප ඉතාම ළාමකයි.
නිවන අවබෝධ කිරීමෙන් මෙහා අපිට අගය කරන්ට පුළුවන් සැපක් ලබන්ට බෑ. නිවන අවබෝධ කිරීමෙන්මයි සියලු දුකින් නිදහස් වීම තියෙන්නේ කියන ඒ කරුණ හොඳට මතක තියාගෙන නිවන අවබෝධ කිරීම පිණිස බලවත් කැමැත්තක් ඇතිකර ගන්න.
සියලු දෙනාටම තෙරුවන් සරණයි!